
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පාසල් ආරම්භ වු පළමු දිනම පුත්තලම කල්අඩිය විද්‍යාසාගර විද්‍යාලයට පැමිණි තම දරුවන් කොරෝනා ප්‍රශ්නයක් මුල්කරගනිමින් දෙමාපියන්ආපසු රැගෙන යාමට අද (11) කටයුතු කර තිබුණි.
මදුරන්කුලිය කර්මාන්ත ශාලාවක සේවය කරන සේවිකාවන් පිරිසක් කොවිඩ් ආසාදිත විමත් සමග මෙම කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන පිරිසකගේ දරුවන් පාසලට එවිමට විරෝධය මතු කරමින් ඔවුහු මෙසේ සිදු කර තිබිණි.
මේ හේතුවෙන් අද 11 දින උදෑසන පැමිණ සිටි දරුවන් බහුතරයක් ආපසු නිවෙස් වලට මව්පියන් විසින් රැගෙන යන ආකාරය දැක ගත හැකි විණි.
කල්අඩිය විද්‍යාසාගර විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ ලේකම් රෙක්ෂි පෙරේරා මහතා මෙසේ කීවේය.
“ මේ මදුරන්කුලිය කොරෝනා ආසාදිත පිරිස සොයා ගත් කර්මාන්ත ශාලාවේ සේවය කරන සේවිකාවන් 50 කට ආසන්න පිරිසක් කල්අඩිය අවට ඉන්නවා .ඒ සියලු දෙනාම කිසිම වගකිමක් නැතිව තම දරුවන් අද පාසලට එවලා .අපි කියන්නේ නැහැ ඒ දරුවන්ට කොරෝනා කියලා .නමුත් අදානමක් තිබේද්දි කිසිම බළධාරියකු මැදිහත් නොවි මේ සේවිකාවන්ගේ දරුවන් සියලු දෙනා අද පාසල් එවලා .
ඇත්තටම මේ නිසා අනිත් දරුවන්ගේ ආරක්ෂාවට එය ගැටළුවක් නිසා බහුතර දෙමාපියන් පිරිසක් තම දරුවන් ආපසු නිවෙස් වලට අරන් ගියා .යැයි ඔහු පැවසිය
මොකද තම දරුවන්ගේ ආරක්ෂාව වැදගත් නිසා යැයි ඔහු පැවසිය.

COMMENTS