(ඔගස්ටින් ප්‍රනාන්දු)
හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ බාහිර අංශයට ප්‍රතිකාර ලබා ගැනීමට අද ( 12 ) දහවල් පැමිණ සිටි යුවළකට කොරෝනා රෝග ලක්ෂණ යැයි ඇති වූ සැකයක් මත වැඩිදුර පරීක්ෂණ සදහා ඔවුන් කුරුණෑගල මහරෝහලට යැවීමට පියවර ගත් බව රෝහල් අධ්‍යක්ෂ කපිල මල්ලිමාරච්චි මහතා කීය .
මෙම දෙදෙනා ආරච්චිකට්ටුව අඩිප්පල වෙහෙරකැලේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 ක් හා 25ක් වන සහෝදරයෙක් සහ සහෝදරයෙකි .
ඔවුන් ඉතාලියේ හා ඩුබායි රටේ සේවයට ගොස් මෑතක දි ශ්‍රී ලංකාවට පැමිණි බවත් හදිසියේම දෙදෙනා රෝගාතුරවීම නිසා ඔවුන් අද ( 12 දා ) දහවල් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි බවත් ඇති වූ සැකයක් මත ඔවුන් දෙදෙනා විශේෂ වෛද්‍ය පරික්ෂණයකට ලක් කිරිම සඳහා රඳවා ගන;ත් බවත් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
වැඩිදුර පරීක්ෂණ සදහා ඔවුන් කුරුණෑගල ශික්ෂණ රෝහලට යැවීමට සුදානම් කර ඇති බවත් රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන්කළේය.


COMMENTS
එන විදිහ හොඳ නෑ. අපේ රටේ මිනිස්සු කොහොම මේකට මූන දෙයිද කියලා හිතා ගන්න බෑ. ලේසියෙන්ම ඩෙංගු මර්ධනය කරන්න පුලුවන් උනත් ඒකවත් හරියට නොකරන මිනිස්සුනේ ඉන්නේ.
ආණ්ඩුව මහා ලොකුවට පම්පෝරි ගැහුවා කටුනායකින් ලංකාව ඇතුලට කිසිම කොරෝනා රෝගියෙකුට එන්න දෙන්නේ නැහැ කියලා. මුකවාඩම් ඕන නැහැ කිය කිය ඇමතිලා කයිවාරැ ගැහුවා. දැන් ඔයා කරලා තියෙන්නේ. එළිවුනේ නැති කී දෙනෙක් රටට ඇතුල්වෙලාද දන්නේ නැහැ. අර මුල්ම මනුස්සයාට බෝවෙලා තියෙන්නේ මෙහාට ආව ඉතාලි කාරයන්ගෙන් නේ. එතකොට ඒ ඉතාලිකාරයෝ ලෙඩේ තියාගෙන ලංකාවට කොහොමද ආවෙි? ඉතාලියෙන් එන ලංකාවේ මිනිස්සු නිරෝධායන කියලා කඳවුරැ වල තියාගෙන ඉන්නවා. එතකොට ඉතාලිකාරයන්ට ඒ නීතිය නැද්ද? මේ ආණ්ඩුව තරම් පිස්සු නටන ආණ්ඩුවක් මේ කපේදී දැකලා නෑ. ආපු දවසේ ඉඳලා කරන්නේ පිස්සු වැඩ. රටේ ජනතාවට දෙවි පිහිටයි.
වෙනත් රටවල් මෙන් පමානොවී පිටරට වල ඉඳලා එන සියල්ලටම තහනමක් පනවන්න. මෙය මාසයක් ක්‍රියාත්මක කර බලන්න. ඉතාලියටත් වැරදුණු තැන මෙතන කියලා දැන් පිළිගන්නවා. දුෂ්කරයි.. නමුත් කළ යුතුයි, මේක හදිසි අවස්ථාවක්...!