(අජිත්ලාල් ශාන්තඋදය)
වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී කෝවිඩ් 19 ආසාදිත රෝගියා සමඟ බන්‍ධනාගාර වාට්ටුවේ එකට සිට පසුගිය 06 වැනිදා නිදහස්ව ගිය 24 හැවිරිදි පුද්ගලයෙක් අද (09) රාත්‍රී වැලිසර නාවික හමුදා රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්බව කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවසීය.
මෙම පුද්ගලයා වැලිසර නාවික හමුදා රෝහලට රැගෙන යනු ලැබුවේ කෝවිඩ් 19 ආසාදනය වී ඇද්දැයි පී.සී.ආර් පරීක්‍ෂණයක් කිරීම සඳහා පමණක් බව කුරුවිට සෞඛ්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.
මේ අතර මෙම පුද්ගලයාගේ මව්පියන් පදිංචි නිවසත් එහි සිටි ඔහුගේ බිරිඳ, දරුවා ඇතුලු සිව් දෙනෙක් නිරෝධායනයට ලක්කළ බවත් කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙකු පැවසීය.
මෙම පුද්ගලයා කුරුවිට නඩුකාරදෙනිය ප්‍රදේශයේ පදිංචි අයෙකු බවත් රත්නපුර කොළඹ බස් රථයක කොන්දොස්තරවරයෙක් ලෙස මොහු සේවය කරන බවත් ගංජා ළඟ තබා ගැනීමේ වරදකට මොහු පසුගිය 02 වැනිදා බන්‍ධනාගාර ගතව වැලිකඩ රඳවා තිබී 06 වැනිදා මුදාහැර ඇති බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේය.
මොහු රඳවා සිටි වැලිකඩ බන්‍ධනාගාරයේ රැඳවියන් ඇතුලු පිරිසක් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යැවීමෙන් පසු 56 දෙනෙකුට කෝවිඩ් 19 ආසාදනය වී ඇති බව පී.සී.ආර් පරීක්‍ෂණ වලින් අනාවරණය වී තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට පෙනෙන්නේ කෙළවාගෙන වගෙයි. සමහර කැස්ස, උණ තියෙන අය ඉස්පිරිතාලෙට යන්න බයයිලු. ගෙදරට වෙලා වෙනිවැල්ගැට බොනවලු.
මේ ගංජා කාරයින්ගෙන්, කුඩු කාරයින්ගෙන් මේ රටට තියෙන්නේ පුදුමාකාර වදයක්.. ඉන්දියාවේ සිට රහසේ ගේන කේරළ ගංජා සමග වයිරසය ආවා වෙන්නට පුළුවන්... මේ ගංජා කාරයින් මේ රටට මහා බරක්...