(අජිත්ලාල් ශාන්තඋදය)
වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී කෝවිඩ් 19 ආසාදිත රෝගියා සමඟ බන්‍ධනාගාර වාට්ටුවේ එකට සිට පසුගිය 06 වැනිදා නිදහස්ව ගිය 24 හැවිරිදි පුද්ගලයෙක් අද (09) රාත්‍රී වැලිසර නාවික හමුදා රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්බව කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවසීය.
මෙම පුද්ගලයා වැලිසර නාවික හමුදා රෝහලට රැගෙන යනු ලැබුවේ කෝවිඩ් 19 ආසාදනය වී ඇද්දැයි පී.සී.ආර් පරීක්‍ෂණයක් කිරීම සඳහා පමණක් බව කුරුවිට සෞඛ්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.
මේ අතර මෙම පුද්ගලයාගේ මව්පියන් පදිංචි නිවසත් එහි සිටි ඔහුගේ බිරිඳ, දරුවා ඇතුලු සිව් දෙනෙක් නිරෝධායනයට ලක්කළ බවත් කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙකු පැවසීය.
මෙම පුද්ගලයා කුරුවිට නඩුකාරදෙනිය ප්‍රදේශයේ පදිංචි අයෙකු බවත් රත්නපුර කොළඹ බස් රථයක කොන්දොස්තරවරයෙක් ලෙස මොහු සේවය කරන බවත් ගංජා ළඟ තබා ගැනීමේ වරදකට මොහු පසුගිය 02 වැනිදා බන්‍ධනාගාර ගතව වැලිකඩ රඳවා තිබී 06 වැනිදා මුදාහැර ඇති බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේය.
මොහු රඳවා සිටි වැලිකඩ බන්‍ධනාගාරයේ රැඳවියන් ඇතුලු පිරිසක් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යැවීමෙන් පසු 56 දෙනෙකුට කෝවිඩ් 19 ආසාදනය වී ඇති බව පී.සී.ආර් පරීක්‍ෂණ වලින් අනාවරණය වී තිබුණි.
2025 නොවැම්බර් මස 04
106
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2033
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1566
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොරෝනා ආසාදිත රැඳවියා සමඟ සිටි අයෙක් වැලිසරට
කරු Thursday, 09 July 2020 08:21 PM
මට පෙනෙන්නේ කෙළවාගෙන වගෙයි. සමහර කැස්ස, උණ තියෙන අය ඉස්පිරිතාලෙට යන්න බයයිලු. ගෙදරට වෙලා වෙනිවැල්ගැට බොනවලු.
සමිත සේනක අලුත්ගමගේ. Friday, 10 July 2020 03:56 AM
මේ ගංජා කාරයින්ගෙන්, කුඩු කාරයින්ගෙන් මේ රටට තියෙන්නේ පුදුමාකාර වදයක්.. ඉන්දියාවේ සිට රහසේ ගේන කේරළ ගංජා සමග වයිරසය ආවා වෙන්නට පුළුවන්... මේ ගංජා කාරයින් මේ රටට මහා බරක්...