IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කරදියාන කසල රැඳවුමෙන් බොල්ගොඩ වැවත් ඉවරයි

විනීතා එම් ගමගේ

 

කරදියාන කසල රැඳවුම් හේතුවෙන් බොල්ගොඩ ගඟ විනාශ වෙමින් ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය කළ අධ්‍යයනවලදී හෙළිවී ඇත.

එම කසල රඳවනය දෙහිවල මහ නගර සභාව, බොරලැස්ගමුව නගර සභාව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ  නගර සභාව, කැස්බෑව  නගර සභාව කැස්බෑව ප‍්‍රාදේශීය සභාව සහ  මොරටුව මහ නගර සභාවේ  කසළ රඳවන ලද ස්ථානයකි.

2003 වසරේ සිට මේ දක්වා එහි කසල දමන අතර කිසිදු ප‍්‍රමිතියකින් තොරව එහි කසල රඳවන බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යයනයෙන් හෙළිවී තිබේ. 

එම කසල කන්ද හා බොල්ගොඩ ගඟ අතර මේ වනවිට ඇත්තේ අඩි හතරක පමණ පරතරය කැයි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතා කළ විමසීමකදී ප‍්‍රකාශ කළේය.

මේ බව සනාථ වූයේ ගුවන් හමුදාවේ සහය ඇතිව ලබාගත් නිරික්ෂණ වාර්තා හා ඡායාරූප වලින් යැයි ද හෙතෙම සඳහන් කළේය.

බොල්ගොඩ ගඟ ආශ්‍රිත ප‍්‍රදේශය මෙරට ප‍්‍රධානතම තෙත්බිම්  පද්ධතියක් වන අතර විශාල වපසරියක ජල ධාරිතාව රඳවාගන්නා ජලාශයකි.

තෙත් බිම් ආශ‍්‍රිත පක්ෂින් බෝවීම හා ගොදුරු බිම වන මෙම පරිසර  පද්ධතියව සංක‍්‍රමනික පක්ෂින්ගේ ද නවාතැන් පොළකි.

එමෙන්ම නාගරික වටපිටාවක් සහිත මෙම තෙත් බිමෙන් ලංකාවේ දුර්ලභම ක්ෂිරපායි සත්වයින් රැසක් හමුවී ඇති බව පැවසේ.

විශේෂයෙන් දිය  බල්ලා කොළ දිවියා හා හඳුන් දිවියා ද මෙම තෙත් බිමෙන් හමුවී තිබේ.

කෙසේ වෙතත් මේ වනතුරුත් බොල්ගොඩ ගඟ ආශ්‍රිත ප‍්‍රදේශයේ මේ වනතුරුත් නිසි අධ්‍යයනයක් සිදුවී නැතැයි පරිසරවේදීහු පෙන්වා දෙති.

 

 



අදහස් (1)

කරදියාන කසල රැඳවුමෙන් බොල්ගොඩ වැවත් ඉවරයි

රවින් Wednesday, 03 October 2018 10:31 AM

දැන් ඔය කසල මධ්‍යස්ථාන පිහිටුවන්න ඉස්සර පරිසර සහතිකයක් ලබාගෙන නැද්ද? එසේ නොමැතිනම් 2003 සිට අද දක්වා මෙම ආයතනය තිබුනේ කොහෙද? නින්දෙන් නැගිටලා වගේ?

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 612 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site