IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කුරුකුපනේ ධීවරයින් තිදෙනා ඉන්දියාවේ පොලිසියක රඳවාගෙනලු

හිරාන් ප්‍රියංකර ජයසිංහ 
 
මුලතිව් නයාරු මුහුදු වෙරළෙන් මුහුදු ගොස් අතුරුදන් වූ හලාවත කරුකුපනේ ධීවරයින් තිදෙනා ඉන්දියාවේ කඩලුර් ආසන්නයේ පොලිසියක රඳවා ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ඔවුන්ගේ  ඥාතීහු පවසති.

 
හලාවත කරුකුපනේ පදිංචිව සිටි මිල්රාජ් මිරැන්ඩෝ (50), නිදුර්කන් මිරැන්ඩෝ (24) සහ එම්මනුවෙල් මිරැන්ඩෝ (48) යන තිදෙනා පසුගිය 12 වැනිදා අලුයම නයාරු වලින් මුහුදු ගොස් ඇත. මිල්රාජ් සහ එම්මනුවෙල් සහෝදරයන් වන අතර නිදුර්කන් මිල්රාජ්ගේ පුතනුවන්ය. 
 
දින 10 කට ආසන්න කාලයක් කිසිදු තොරතුරක් නොමැතිව සිටි මෙම ධිවරයින් ඉන්දියාවේ වේලක්කන්නි මැණියන්ගේ දේවස්ථානය  ආසන්නයේ පිහිටි නඩලුර්   පොලිසියක රඳවා සිටින බවට තොරතුරු ඇතැයි ඥාතීහු කියති.
 
ඔවුන් ගිය සතිස් පුතා නමින් සිංහලින් සඳහන් කර ඇති නිල් කහ පැහැති යාත්‍රාව නඩලුර් වෙරළේ  ගාල් කර තිබෙන ඡායාරූප අද තමන්ට ලැබුණු බව ද ඥාතීහු පවසති.
 
මේ පිරිස හැකි ඉක්මණින් ලංකාවට ගෙන්වා දෙන ලෙස  ඔවුහු රජයෙන් ඉල්ලති.



අදහස් (0)

කුරුකුපනේ ධීවරයින් තිදෙනා ඉන්දියාවේ පොලිසියක රඳවාගෙනලු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site