IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


කැබිනට් රැස්වීමේදී ඇමැතිවරු අතර උණුසුම් සංවාදයක්

(අජන්ත කුමාර අගලකඩ)

පළාත් සභා මැතිවරණය අලුත් ක්‍රමයට පවත්වනවාද නැතිනම් පැරණි ක්‍රමයට පවත්වනවාද යන්න සම්බන්ධයෙන් අද (02) පැවැති කැබිනට් රැස්වීමේදී ද ඇමැතිවරුන් අතර උණුසුම් සංවාදයක් ඇති වූ බව වාර්තාවේ.

පළාත් සභා සීමා නිර්ණ කමිටු වාර්තාව අධ්‍යයනය කර නිර්දේශ කිරීම සඳහා පත්කළ කමිටුව පසුගියදා රැස්වූ බවත් පළාත් සභා ඡන්දය පැරණි ක්‍රමයටම පවත්වන්නේද නැතිනම් අලුත් ක්‍රමයට පවත්වන්නේ ද යන්න සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත යුතු බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත.

පළාත් සභා ඡන්දය පැරණි ක්‍රමයට පැවැත්වීමට දේශපාලන පක්ෂ වැඩි කැමැත්තක් දක්වන බවද අගමැතිවරයා ප්‍රකාශ කර තිබේ.

එහිදී අදහස් දක්වා  ඇති ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය කොට්ඨාස ක්‍රමයට මැතිවරණය පැවැත්වීම යැයි පවසා ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දෙන්නේ ද කොට්ඨාස ක්‍රමයට මැතිවරණය පැවැත්වීමේ එකඟතාව අනුව බවද ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කර ඇත.

මේ අතරේ අදහස් දක්වා ඇති ඇමැති ෆයිසර් මුස්තාෆා මහතා නැවත පැරණි ක්‍රමයක් ගැන කතා කළ නොහැකි බවත් ශ්‍රීලනිපයේ ස්ථාවරය කොට්ඨාස ක්‍රමයට පැවැත්වීම බවත් සඳහන් කර ඇත.

එහිදී අදහස් දක්වා ඇති ඇමති පාඨලී චමිපික රණවක මහතා පළාත් සභා මැතිවරණය පවත්වන ක්‍රමය සම්බන්ධයෙන් ඇත්තේ විකල්ප තුනක් බව සඳහන් කර ඇත.

අලුතින් සම්මත කරන ලද පළාත් සභා මැතිවරණ පනත අහෝසි කර පැරණි ක්‍රමයට ඡන්දය පැවැත්වීම. අලුත් පනතේ අඩුපාඩු නිවැරදි කර අලුත් ක්‍රමයට ඡන්දය පැවැත්වීම. සීමා නිර්ණ කමිටු වාර්තාවේ අඩුපාඩු නිවැරදි කර ඊළඟ මැතිවරණය කොට්ඨාස ක්‍රමයට පවත්වන තෙක් මේ මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීම. යන්න එම විකල්ප තුන බවද ඇමැති රණවක මහතා පවසා ඇත.

ඇමැතිවරයාගේ අදහස් දැක්වීමෙන් අනතුරුව අදහස් දක්වා ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ ගැන කැබිනට් රැස්වීමේදී පමණක් සාකච්ඡා නොකර වහාම දේශපාලන පක්ෂ සියල්ල කැඳවා මේ පිළිබඳව කඩිනමින් සාකච්ඡා කළ යුතු බව පවසා ඇත.

ඒ අනුව මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සියලු දේශපාලන පක්ෂ වල නායකයින්ගේ සහභාගිත්වයෙන් යුතු සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා (5) පැවැත්වෙන ඇතැයිද වාර්තාවේ.

 



අදහස් (3)

කැබිනට් රැස්වීමේදී ඇමැතිවරු අතර උණුසුම් සංවාදයක්

sathyapala Wednesday, 03 October 2018 05:07 AM

කිසිම දෙයක් හරියට කරගන්න බැරි මිනිහෙකුට වැඩය පවරලා කට්ටිය බයිලා ගහා ඉන්න්නවා. අනේ මෙහෙම ආණ්ඩුවක් .

:       14       69

vernon Wednesday, 03 October 2018 05:48 AM

කෝ මෙතන කිසිම උණුසුම් සංවාදයක් වෙලා නෑනේ.

:       0       5

Sathya Wednesday, 03 October 2018 08:10 AM

හැමෝම තමන්ගේ වාසිය තමයි බලන්නේ. ශ්‍රී.ල.නි.ප. බයයි අපහු ඡන්දෙකදී ඉතිරි රෙදි ටිකත් ගැලවෙයි කියලා. අඩු ගානේ මෙතන තියෙන විකල්ප 3 මතුවුන එකයි, පක්ෂ නායකයෝ එක්ක කතාකරන්න තීරණය කරපු එකයි ලොකු දෙයක්. මේ යන විදියට ඊලඟ පාර්ලිමේන්තු මැතිවරණය ගැනත් ෂුවර් නෑ. ඡන්ද කල් දමන්න අවශ්‍යතාවයක් නැත්නම් දැන්ම ඉඳන් සීමා නිර්ණය කරගන්න ඕනි.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 798 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 921 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 381 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site