IMG-LOGO

2025 දෙසැම්බර් මස 02 වන අඟහරුවාදා


කොපමණ උපවාස කළත් නඩුවක් වෙන අධිකරණයට මාරු කරන්නේ නෑ’

 
(මනෝප‍්‍රිය ගුණසේකර)
 
කොපමණ කාලයක් උපවාස කළත් අධිකරණයේ ඇති නඩුවක් වෙනත් අධිකරණයකට මාරු නොකරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළ  බවට චෝදනා ලැබ සිටින කොටි සාමාජිකයින් පස්දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය අද (4) පහදා දුන්නාය.


තමන්ට එරෙහි නඩුව යාපනය මහාධිකරණයට මාරු කරවා ගැනීම සඳහා තමන් දින 14ක කාලයක් පුරා උපවාසයක නිරත වන බවත් එදින සිට මේ මොහොත දක්වා කිසිදු ආහාරයක් ගෙන නොමැති බවත් එම කොටි සාමාජිකයින් කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මියට දැනුම් දුන් අවස්ථාවේදී විනිසුරුවරිය අදාළ තත්වය පහදා දුන්නාය.


මීට පෙර දිනයේදී මෙම විත්තිකරුවන් අධිකරණය අමතමින් තමන්ට එරෙහි නඩුව යාපනය මහාධිකරණයට මාරු නොකළහොත් තමන් උපවාසයක් ආරම්භ කරන බව දැනුම් දුන් අවස්ථාවේදී විත්තිකරුවන් ඇමතූ විනිසුරුවරිය නීතීපතිවරයා ඉදිරිපත් කළ නඩු වෙනත් අධිකරණ වලට මාරූ කිරීමට තමන්ට බලයක් නොමැති බව පවසමින් එම නඩුව විත්තිකරුවන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළාය.


පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළ  බවට කොටි සාමාජිකයින් පස්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටි කොටි සාමාජිකයින් තිදෙනෙකු එලෙස දැනුම් දුන් විට මහාධිකරණ විනිසුරුවරිය එලෙස තත්වය පහදා දුන්නාය.


මෙම නඩුවේ වැඩිදුර විභාගය ලබන දෙසැම්බර් 5 වැනිදා දක්වා කල් තැබිණි.



අදහස් (1)

කොපමණ උපවාස කළත් නඩුවක් වෙන අධිකරණයට මාරු කරන්නේ නෑ’

Hafeel Thursday, 04 October 2018 10:50 AM

මෙගොල්ලත් අපේ දේශපාලකයන්ව පිළිපදිනවා වගේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 249 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 298 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1217 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site