(ජේ.ඉඳුරුවගේ)
කොස්ගොඩ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි එකහමාරක කප්පමක් ඉල්ලා එයින් රුපියල් කෝටියක කප්පමක් ලබා ගැනීමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයන් ගැන තොරතුරු දීමට එම ව්‍යාපාරිකයාගෙන් තවත් රුපියල් කෝටියක් ඉල්ලූ බව කියන කප්පම් කල්ලියක සාමාජිකයන් දෙදෙනකු සැකපිට අත් අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලිසිය කියයි.
එමෙන්ම එම ව්‍යාපාරිකයාගෙන් මුලදී රුපියල් කෝටියක කප්පමක් ලබා ගැනීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ අරඹා ඇතැයිද පොලිසිය පැවසීය.
නාඳුනන දුරකථන ඇමතුම් මගින් වරින්වර තම දියණිය මරා දමන බවට තර්ජනය කර එසේ නොකර සිටීමට නම් රුපියල් කෝටියක මුදලක් ඉල්ලා සිටි බවත් එම මුදල් දුන් පසු නැවතත් එලෙස තර්ජනය කර තවත් රුපියල් ලක්ෂ 50 ක් ඉල්ලා සිටි බවත් කියමින් අදාළ ව්‍යාපාරිකයා පසුගියදා කොස්ගොඩ පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
2025 නොවැම්බර් මස 21
318
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
347
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1281
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
කප්පම් ගත් අය ගැන කියන්න තවත් කප්පමක් ඉල්ලූ දෙන්නෙක් කොටුවෙති
sahan Thursday, 27 July 2017 11:17 AM
කොස්ගොඩ, උරගහ, ඇල්පිටිය, කරන්දෙනිය, අම්බලන්ගොඩ, මීටියාගොඩ, බටපොල, හික්කඩුව, රත්ගම වගේ ස්ථානවල පාතාලය මර්ධනය කිරීමට එස්.ටී.එෆ් එක යොදාගන්න. මේ ප්‍රදේශ මුදා නොගත් ප්‍රදේශ වගේ පාතාලයෙන් පාලනය වෙන්නේ...