විනීතා එම් ගමගේ
මධ්‍යම කඳුකරයේ වවා ඇති යුකැලිප්ටස්, ෆයිනස්, ඇකේෂියා, ඇතුළු පරිසර හිතකාමි නොවන වගාවන් ඉවත් කර ඒ වෙනුවට දේශීය ශාඛ වැවීමට රජය පියවර ගෙන ඇත.
අක්කර 3,50,000 කට අධික ප‍්‍රමාණයක ෆයිනස් ඇකේෂියා හා යුකැලිප්ටස් වැනි විදේශීය ශාක වර්ග වවා ඇති අතර වාණිජ වගාවන් ලෙස වවා ඇති මෙම ශාක හේතුවෙන් මධ්‍ය කඳුකරයේ ජල පෝෂක විනාශ වන බවත් යටි වගාවන් වැනසී යාම නිසා පස සේදී යන බවත් පරිසර විද්‍යාඥයින් කලක් තිස්සේ පෙන්වා දෙනු ලබයි.
කෘෂිකර්ම අමාත්‍යංශය පරිසර අමාත්‍යංශය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන රැසක් එක්ව මෙම කටයුත්ත කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (10) පැවැසීය.
ඉක්මණින්ම මෙම ආගන්තුක ශාක මධ්‍ය කඳුකරයේ සංවේදී පරිසරයෙන් ඉවත්කර දේශීය ශාක වවන්නැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා උපදෙස් දුන් බවත් ඒ අනුව මෙම වැඩපිළිවෙළ ආරම්භ කරන බවත් අමාත්‍යවරයා කීය.
මී, පලූ, වීර, කොස්, ඉඟිනි, මොර, කළුවර ඇතුළු දේශීය ශාක මේ සඳහා යොදා ගන්නා බව ද මෙහි ආරම්භක ව්‍යාපෘතිය හපුතලෙන් ආරම්භ කරන බව ද හෙතෙම සඳහන් කළේය.
හපුතලේ දියතලාව ප‍්‍රදේශවල අක්කර 100 කට අධික ෆයිනස් වගාවක් ඉවත් කර දේශීය ශාඛ වැවීමට මේ වනවිට සියල්ල සුදානම් කර ඇති බවත් අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩු ගානෙ ඔය ප්‍රයෝජනවත් වැඩේවත් රටට කරන්න
කරනවා නම් සුපිරි වැඩක්. පුලුවන් නම් මධ්‍යම කඳුකරයේ සුදුසු තැන්වල නැවත වන වගාව දානවා නම් හොඳයි.
ස්වභාවික වන වගාව කෙසේවෙතත් තියෙන ගස් ටික කපලා විකුණගෙන දේශපාලන අැම්බැට්ටයන් හා හෙන්චයියලා ටික හොඳට මුදල් ගරාගනීවි. අන්තිමට ස්වභාවික වනෙත් නෑ. තිබිච්ච අස්වාභාවික වනෙත් නෑ.
හොඳ අදහසක්.
අනිත් ගස් ටිකටත් දෙයියන්ගේම පිහිට තමයි
එතකොට තේ වගාවත් ඉවත් කරනවද?
මේ ගස් ගින්නෙන් මැරෙන්නේ නැහැ සහ මේවා නිසරු තැන්වල වැවෙනවා.
පරක්කු වෙලාහරි ගත්තු හොඳ තීරණයක්.
මේකේ යටි අරමුණ ගස් ටික කපා විකිනීම කියා මට හිතෙන්නේ.
ඉතාම හොද වැඩක්.
ඉතාම හොද වැඩක්.
ඉතාම හොඳ වැඩක්. හැබැයි මේගොල්ලෝ කොහොම මේවා කරයිද කියලා විශ්වාස නැහැ. ගස් ටික කපලා දාල හොටෙල් ටිකක් ගහයි. විල්පත්තුව බේර ගන්න බැරි ආණ්ඩුව ගැන කවර කතාද?
වර්තමාන කෘෂිකර්ම අමාත්‍යවරයා දේශයට වඩාත් යහපත් යෝජනා ඉදිරිපත් කරන බවක් පෙනේ. යෝජනා වලට සිමා නොවී පරිසර සංවිධාන සහ මුළු මහත් ජනතාව මෙම විෂය කෙරෙහි අවධි කරවීමේ වැඩ පිළිවෙලක් සුදානම් කරන්න. සෑම යහපත් මිනිසෙක්ම වසරකට දින දෙකක් හෝ මෙම ජාතික වැඩපිළිවෙලට කැඳවා ගන්න.
කෙහෙල්මල... ගස්ටික දැව කර ගැනීමේ අවශ්‍යතාවයයි මේ. උක් වගාවලට සාමාන්‍ය ගස් ඇති බිම් කපා විකුණමින් අපිට කියන බණ මේවා... ඉස්සරම වන වගාවට අත ගහල ඉන්න. ගස් ටික කපලා කාන්තාරයක් කරලා, නැවත පැල සිටුවීම සාර්ථකව කරන්න පුළුවන්ද? එහෙනම්, විල්පත්තු වලින්ම පෙන්නන්න.
ඔය දේ මුලදි කරන්න තිබුණු දෙයක්. නමුත් දැන් කරන්න යන්නේ ආගන්තුක ශාඛ වුණත් දැන් රූස්ස ලෙස වැවී තිබෙන ගස් ටික කපා දමන්න කරන ප්‍රයෝගකාර වැඩක් වෙන්න බොහෝ දුරට ඉඩ තිබෙනවා. මේ දිනවල නොයෙක් අළුත් ව්‍යාපෘති ආවාට ඒවායේ යටි අරමුණු හිතාගන්නවත් බැහැ. උදාහරණ ලෙස සීගිරි කේබල් කාර් ව්‍යාපෘතිය, ගාලු ක්‍රීඩාංගණය වගේ දේවල් කියන්න පුළුවන්. යන යකා කොරහත් බිඳගෙන යනවා කියලා කථාවකුත් තියෙනවනේ!
පේනවා නේද සේරම කුණුගොඩවල් විදේශයෙන් ගෙනත් ගොඩගහ ගත්තම වෙන නස්පැත්තිය.
ඉතා සුපරික්ෂාකාරීව කළයුතු හොද කටයුත්තකි. කෘෂි, පාංශු, වන සහ පරිසර විශේෂඥ උපදෙස් සහ සහාය මේ සදහා අනිවාර්යයෙන් ලබාගත යුතුය. එක්වරම ශාඛ වියන් ස්ථරය ඉවත් කළහොත් පස සේදීයාම ඉතා අධිකය. මේ නිසා දැනට පවතින ගස් ඉවත් කිරීම ක්‍රමානුකූලව කළයුතු අතර දේශීය ශාඛ වැඩිමට ඉතා දිගුකලක් ගනී. මෙය හොදින් වටහාගෙන දේශීය පැල වැඩේනතෙක් රැක බලාගැනීමට වැඩපිළිවලක් සකස් කළ යුතුය. ඒ අතරම පාංශු සංරක්ෂණය දැඩිව යොදා ගත යුතුය.
නියමයි පලු, වීර, මොර, කලුවර වගේ වියළි කලාපීය ශාක, මධ්‍යම කඳුකරේ වවන්න ගිහින් වෙන්නේ, තියන විදේශීය ගස් ටිකත් නැතිවෙලා, වනන්තරය එලි වුණාම, ඒ ඉඩම් ටික දේශපාලන හෙන්චයියන් අතට පත්වෙන එක තමයි..
ප්‍රමාද වෙලා හරි හොඳ තීරණයක් අරගෙන. හපුතලේ, දියතලාව ප්‍රදේශවල ජල පෝෂක ආරක්ෂා කළා නම්, ඌව, හම්බන්තොට ජල ප්‍රශ්නය නිකන්ම විසඳෙනවා.
වීර, පලූ, කොස් හිටවලා ගස් සාමාන්‍ය ගාණට ලොකු වුනාම යුකැලිප්ටස්, ෆයිනස්, ඇකේෂියා කපමු. අපි දන්නවනේ මේ හෙන්චයියන්ගේ තරම, ගස් හිටවන එක කෙසේ වෙතත් කපන එකනම් සුපිරියටම කරයි. හැබැයි යුකැලිප්ටස් වගේ ගස් හිටවන්න ඕන තැන් තියෙනවා. නාය යෑමක් සිදුවිය හැකි තැන් වලට....
මම ඇසුවා ඉතාමත් හොඳ අදහසක්. අදහසක් පමණක් නොව 100%ක්ම සාර්ථක වේවා! ලංකාවට හොඳ දේශගුණයක් සහ ඉන් බොහෝ ප්‍රතිලාභ ලැබෙන බව ස්ථිරයි. ගස් කපන්නන්ට අයින් කරන ගස් දී හෝ දැනට තියෙන ස්වභාවික වන විනාශයෙන් වළක්වා ගන්න. නැතිනම් උත්සහය එතරම් පලක් නොවේවි.
මේ නම් විද්‍යාත්මක ඇමැති කෙනෙක් !
එතකොට තේ ගස් ටිකත් කපනවද?
ශීත දේශගුණයක් ඇති මධ්‍යම කඳුකරයේ වැවෙන්නේ සහ දැනට වවා ඇත්තේ ඒ දේශගුණයට සහ පසට ආවේනික වූ සහ සරිලන ගස් වර්ග.. යුකැලිප්ටස් වර්ගයේ ගස් ඕස්ට්‍රේලියාවේ වර්ෂාපතනය සඳහා ප්‍රධාන වශයෙන් අවශ්‍යවන වන ගසකි. කරුණාකරලා නොදන්නා දේවල් කරන්නට ගොහින් මධ්‍යම කඳුකරය කාන්තාරයක් කරන්න හදන්න එපා. ඔය මී, වීර, පලු වැනි ගස් වර්ග කවදා හෝ ඔය ප්‍රදේශවල තිබී ඇද්ද යන්න සොයා බලන්න.
කොහොම වුණත් මේවා මීට කලින් හිතන්න කරන්න තිබ්බ දේවල්... කමක් නැහැ. දැන්වත් හිතලා මෙහෙම දෙයක් කරනවා නම්. හැබැයි තවත් සුදු අලියෙක් නම් එපා. කවුරු කළත් මේක ගොඩක් හොඳ දෙයක්... අගය කරන්න ඕනෑ.. හැබැයි වැඩෙත් කෙරෙන්න ඕනෑ...
රටේ තෙත් කලාපයටයි ඝර්ම කලාපිය පරදේශවලටයි සුදුසු ගස් තෝරා ගන්න බැරිව කඳුකරයේත් වීර පලු ගස් හදන්න ඕනේ කීවාම කොයි පැත්තෙන් හිනා වෙනද මන්දා. තෙත් කලාපයේ වවන්න ඕනේ ඊට ආවේනික ගස් මිස ඝර්ම කාලාපයේ වැවෙන ගස් නොවෙයි. ඉස්කෝලෙදි භූගෝල විෂය කලානම් ඔතන වරදින්නේ නැත.