(නිමන්ති රණසිංහ)

කුරුඳුවත්ත පොලිසියේ කොස්තාපල්වරයකු කුරුඳුවත්තේ දී කාන්තාවකගේ රන් මාලයක් කඩා පොලිසියටම පැමිණ ඇති බවත් කාන්තාවගේ පැමිණිල්ල මත ඔහු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.

රුපියල් ලක්ෂයක් පමණ වටිනා මාලය කඩාගත් බව කියන පොලිස් කොස්තාපල්වරයා අප්‍රේල් 20 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා  නියෝග කළේය.