(රෝවන් පෙරේරා)
තිරිඟු පිටි ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනරයක් අද (09) උදෑසන පාලවිය තල්ගස් හන්දියේ 20 කණුව ආසන්නයේදී මාර්ගය හරහා පෙරැළීමෙන් මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී ඇති බව පුත්තලම පොලිසිය කියයි.
අද (09) උදෑසන මෙම අනතුර සිදු වී ඇත.
පොලීසිය සඳහන් කළේ කන්ටේනර් රථයේ පසු පස රෝද ගැලවී යාමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි.
අනතුරින් කිසිවකුටත් හානි සිදුවී නොමැති අතර පැය කිහිපයක සිට මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී ඇත.
අනුරාධපුර සිට මීගමුවට තිරිඟු පිටි ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනරයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගය හරහා පෙරැළී අනතුරට ලක් වී ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිසි කලට නඩත්තුව නොමැතිකම නිසා මවෙනි රිය අනතුරු සිදුවේ. මේවට වගකිවයුතු අයට දඩුවම් කලයුතුය.