IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


කන්කසන්තුරේ වරායටත් භාණ්ඩ ගොඩබෑමේ ජැටියක්

( තිළිණි ද සිල්වා )
 
කන්කසන්තුරේ වරාය 2021 වසර අවසානය වන විට භාණ්ඩ ප්‍රවාහන නැව් හැසිරවිය හැකි වරායක් බවට පරිවර්තනය කිරීමට සීඝ්‍ර සංවර්ධන සැලසුමක් ක්‍රියාවට නංවා ඇති බව වරාය, නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කළේය.
 

ඉන්දියාවෙන් සහනදායී පදනම මත ලැබුණු ඇමෙරිකන් ඩොලර් මිලියන 45.27ක ණය ආධාර යටතේ මෙම සැලසුම ක්‍රියාවට නැංවෙන අතර මෙය කඩිනම් කිරීම සඳහා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, වරාය හා නාවික අමාත්‍යවරයා සහ රජයේ උසස් නිලධාරීන් සමග ලබන මස 15 වැනිදා කන්කසන්තුරේ ප්‍රදේශයේ සංචාරයක නියැලීමට නියමිතය.
 
කන්කසන්තුරේ වරාය වර්තමානයේ ශ්‍රී  ලංකා නාවික හමුදාව යටතේ පවතින අතර මෙම වැඩසටහන යටතේ එහි දියකඩනය සම්පූර්ණයෙන්ම අලුතින් ඉදි කිරීමට නියමිතය.
 
එමෙන්ම භාණ්ඩ ප්‍රවාහන නැව් වලට ගමන් කළ හැකි පරිදි එහි ගැඹුර මීටර් 9ක් දක්වා වැඩි කිරීම ද, එක් ජැටියක් ප්‍රතිසංස්කරණය කිරීම ද, තවත් ජැටියක් අලුතින් නිර්මාණය කිරීම ද සිදුවන බව වරාය සහ නාවික අමාත්‍යවරයා පැවසීය.
 
මේ වන විට කන්කසන්තුරේ වරාය පරිශ්‍රයේ අක්කර 15ක භූමි භාගයක ශ්‍රී ලංකා වරාය අධිකාරිය මෙම සංවර්ධන ක්‍රියාවලියේ මූලික කටයුතු අරඹා ඇති බව කී අමාත්‍යවරයා ඉදිරියේ දී එය අක්කර 50ක ප්‍රදේශයක් දක්වා ව්‍යාප්ත කිරීමට කටයුතු කෙරෙනු ඇති බව ද සඳහන් කළේය.
 
මේ වන විට වරාය අධිකාරිය මීට අදාළ මූලික කටයුතු සිදු කිරීම සඳහා විශේෂඥයින් සම්බන්ධ කරගැනිමේ  සිදු කරමින් සිටින අතර එයින් අනතුරුව පාරදෘශ්‍ය ක්‍රමවේදයක් යටතේ ඉදිකිරීම් සමාගමක් තෝරා ගැනීමට කටයුතු කරනු ඇත.
 
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ කන්කසන්තුරේ වරායට භාණ්ඩ ප්‍රවාහන නැව් පැමිණීමත් සමග මෙරට ආනයන සහ අපනයන ක්ෂේත්‍රවලට විශාල වාසියක් සැලසෙන බවයි. එමෙන්ම උතුරු පළාතේ නව රැකියා උත්පාදනය කිරීම මෙන්ම යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ද මේ හරහා සිදුවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (5)

කන්කසන්තුරේ වරායටත් භාණ්ඩ ගොඩබෑමේ ජැටියක්

සුරංග Sunday, 27 January 2019 03:44 PM

පෝක් සමුද්‍ර සංදිය හාරන්නත් ඕනේ කියාවිද දන්නේ නෑ ඊට පස්සේ. කන්කසන්තුරේට කෙසේවෙතත් ඉන්දියාවට නම් කල්ල මරේ. භාණ්ඩ ප්‍රවාහන නෞකා කීයක් ඉලක්ක කර ගෙනද හදන්න යන්නේ? ඕකත් මත්තල වගේ වෙයි හරියට සංගනණයන් නොකර හැදුවොත්.... හැබැයි වෙනම රටක් හරි ෆෙඩරල් පාලනයකට හරි නම් ඕක ඉස්තරම් අදහසක්....

:       84       444

sujeewa Monday, 28 January 2019 05:37 AM

සුරංගගේ අදහස මමත් අනුමත කරනවා. කන්කසන්තුරය දේශපාලනමය වශයෙන් හා ආරක්ෂක වශයෙන් ඉතාම සංවේදී ස්ථානයක්. අනෙක් අතින් ඒ හරහා ගමන් කරන්නේ ඉන්දියානු නැව් විතරයි. මේක අවසානයේ ඉන්දියාවට අවශ්‍ය ආකාරයට ඉන්දියාව විසින්ම පාලනය කරන ජාවාරම් පොලක් බවට පත්වෙනවා.

:       1       124

vipula Monday, 28 January 2019 09:52 AM

අපේ ලංකාව ඉන්දියාවේ හෝ චීනයේ කොලනියක් නොකර සංවර්ධනය කරන්න...

:       0       21

theshan Monday, 28 January 2019 01:46 PM

මේ වැඩෙන් වෙන්නේ කොළඹ වරායට හානියක්...

:       0       53

himal Monday, 28 January 2019 03:14 PM

ශ්‍රී ලංකාවේ ප්‍රධානම ආනයනකරු වන්නේ ඉන්දියාවයි. මෙමඟින් ශ්‍රී ලංකාව වටා ගමන් කරමින් කොලඹ හෝ හම්බන්තොට වරායන්ට පැමිණීමට ඇති අවශ්‍යතාව අඩු වන අතර එමඟින් නැව් කුලී ගාස්තු හා කාලය ඉතිරි වේ. අනෙක් අතට පරන්තන් ඛනිජවැලි කම්හල ඵලදායීව කර්මාන්ත සඳහා යොදා ගත හැකි නම් මෙවැන්නක ප්‍රයෝජනය අති මහත්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 213 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 384 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 385 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site