(කතරගම එම්.කේ. නන්දසේන සහ කතරගම කේ.ඩී. දේවප්‍රිය)
රුහුණු කතරගම මහ දේවාලයේ ඇසළ මංගල්‍යයේ අවසන් මහ පෙරහර අද (7) රාත්‍රියේ පැවැත්වේ.
දින 14 ක් තිස්සේ පෙරහර ගමන් ගත් මාර්ගයෙහි අද වෙනසක් සිදුවන අතර ඒ අනුව වත බැඳ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ආරම්භවන පෙරහර දෙවැනි වාහල්කඩ දොරටුවෙන් පිටත්වී පළමුව ගමන් කරනු ලබන්නේ කිරිවෙහෙර රාජමහා විහාරස්ථානය වෙතය.
මහදේවාලයට එදා රජදවස වෙන්කර තිබෙන නිල අතර ප්‍රධානතම නිලය වන පිරිත් නිලය වෙන්කර තිබෙන්නේ කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයටය. ඇසළ පෙරහර මංගල්‍යයත් නිමා කිරීමෙන් පසු ඇතෙක් බරට වස්තුව (රන්, රිදී, මුතු, මැණික්,කහවනු) කිරිවෙහෙර රාජමහා විහාරස්ථානය වෙත පූජා කිරීම පුරාණයේදී සිදුකෙරුනු අතර එය සංකේතවත් කරමින් බස්නායක නිලමේ ඩී.පී. කුමාරගේ මහතා විසින් වෙන්කරන ලද විශේෂිත පඬුරු මල්ලක් කිරිවෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නා හිමියන් වෙත පූජා කරනු ලැබේ.
මෙහිදී නා හිමියන් විසින් පිරිස පංචශීලයේ පිහිටුවා විශේෂ අනුශාසනාවක් සිදුකිරීමට නියමිතය.
ඉන්පසු බස්නායක නිලමේවරයා සහ මොනරාගල දිස්ත්‍රික් ලේකම් ඩී.ඒ. පද්මකුලසූරිය මහත්මියද කිරිවෙහෙර උඩ මළුවේ සිට පෙරහර මංගල්‍යය කිසිදු අපල උපද්‍රවයකින් තොරව නිමා කිරීමට සහාය දැක්වූ කපුමහතුන්ටත් අකෙුත් කාර්ය මණ්ඩලයටත් රාජ්‍ය හා රාජ්‍ය නොවන සියලු සංවිධානයන්ටත් පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදාවටත් කෘතවේදීත්වය පිරිනමනු ඇත.
අනතුරුව පෙරහර එම මාර්ගය ඔස්සේ මහදේවාලය මළුව මැදින් ප්‍රධාන වාහල්කඩ දොරටුවෙන් පිටත්වී පිටවීදිය ඔස්සේ වල්ලි අම්මා දේවාලය වෙත ගමන්කර චිරාගත පුදසිරිත් ඉටු කිරීමෙන් පසු ප්‍රධාන වීදිය ඔස්සේ මහදේවාලය වෙත ගෙවදීමෙන් අනතුරුව පෙරහර මංගල්‍යය නිමාවට පත්වන්නේය.
අද දිනය තුළ පෙරහර ගමන් මග දිග නිසා අලි ඇතුන් හා නර්ථන කණ්ඩායම් ඇතුළු විශේෂාංග වැඩි වශයෙන් පෙරහරට එක් කිරීමට නියමිතය.
හෙට (8) අලුයම මැණික් ගඟේ ජීවමාලි තොටුපල වෙත විශේෂ පෙරහරකින් ගමන් කර දිය කැපීමේ මංගල්‍යය සිදු කරනු ලබයි.
2025 නොවැම්බර් මස 17
73
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
902
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2530
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කතරගම මහ පෙරහර අද