IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කතානායකට ලැබුණේ ලේඛන වල කොටසක් පමණලු

ආරිරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ
 
අර්ජුන ඇලෝසියස් සමඟ ගනුදෙනු කළ බව කියන මන්ත්‍රීවරුන් ගැන විස්තර ඇතුළත් බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවෙන් දැනට ලැබී ඇත්තේ කොටසක් පමණක් හෙයින් සම්පුර්ණ ලේඛන ලැබුණු විගස ඒවා ඉදිරිපත් කිරිමට කටයුතු කරන බව කතානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවේ දී අද (5) දැන්වීය.


තමා වෙත ලැබී ඇත්තේ එම කොමිෂන් සභා වාර්තාවේ C 350 – 360 දක්වා වු කොටසක් පමණක් යැයි ද කතානායකවරයා කීය.


මේ සම්බන්ධයෙන් කතානායකවයරා විශේෂ ප්‍රකාශයක් කරමින් මෙසේ ද කීය.
භාණ්ඩාගාර බැඳුම්කර විමර්ශන කොමිසන් සභාවට අදාළ සමහර වාර්තා එළි දක්වා නොමැති බැවින් ඒ කරුණ මුල්කර සමාජයේ විවිධ මාධ්‍ය නිවේදන නිකුත් වෙමින් පවතී.


සමහර අසත්‍ය ප්‍රවෘත්ති පළවීම නිසා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත්, පාර්ලිමේන්තුවටත්, පොදුවේ රටටත් විශාල අපකීර්තියක් ඇති වී ඇත. එය ඉතා කණගාටුදායක සිද්ධියකි.


මා වෙත අද දින ලැබී තිබෙන C 350 – 360 දක්වා ලේඛන සමස්ත ලේඛනවල කොටසක් පමණක් බැවින් අද (5) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් ඒකමතිකව තීරණ කළ පරිදි සම්පුර්ණ ලේඛන ලැබුණු විගස ඒවා මෙම සභාවට ඉදිරිපත් කිරිමට කටයුතු කරන බව දන්වමි.


එම නිසා මේ අවස්ථාවේ සියලු පාර්ශවයන්ගෙන් මා ඉල්ලා සිටින්නේ වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසත්, අසත්‍ය ගොත ලද සාවද්‍ය මාධ්‍ය නිර්මාණ තුළින් පාර්ලිමේන්තුව හා එහි සාමාජිකයන් අපකිර්තියට ලක්වීමට  ඉඩ නොතබන ලෙසත්ය.



අදහස් (8)

කතානායකට ලැබුණේ ලේඛන වල කොටසක් පමණලු

Bamunuarachchi Tuesday, 05 June 2018 05:36 PM

ලැබුන ඒවත් ඔරිජිනල් ද කියලා බලන්න. අපිට නම් විස්වාස නැත.

:       0       0

Chanak Los angeles Tuesday, 05 June 2018 08:49 PM

වාර්තාවක කොටස් කොටස් ලැබෙන සිරිතක් තිබෙනවාද ?

:       0       1

Ranjith Silva Wednesday, 06 June 2018 12:56 AM

පරක්කු වෙන්න වෙන්න අසත්‍ය දේ සත්‍ය වෙනවා.ඕක ලැබුනොත් බස්නාහිරෙන් ඉර පායාවි.

:       0       0

lusena Wednesday, 06 June 2018 03:14 AM

ඔය වාර්තාව පිටසක්වල ලේඛනාගාරයකද තියෙන්නේ ? කඩිනමින් වාර්තාව එලියට දාන්න.

:       0       0

rama Wednesday, 06 June 2018 03:40 AM

අවසානයට වෙන්නේ මොනවත් එහෙම එකක් නැ කියාවී.

:       0       1

Lapaya Wednesday, 06 June 2018 04:47 AM

ඉතුරු ලේඛන එළියට එයි 2020 න් පස්සේ. හොරකම මෙච්චර එළිවෙලත් තවත් හංගන්නේ ඡන්දෙ ඉවර වෙනකල් ද ?

:       0       34

s rathna Wednesday, 06 June 2018 06:57 AM

1977 සිට 2005 දවා රටේ දේපල විකුන විකුණා රට අගාදයට දාලා . නැවතත් 2015 සිට පටන් ගත්තා හොරාකන්න. පවු අහිංසක ජනයා.....

:       0       0

sirimal Wednesday, 06 June 2018 08:13 AM

ලංකාවේ ඇලෝසියස් ඇරෙන්න වෙන කිසිම ප්‍රශ්නයක් නැද්ද? මේක අනෙක් සියලුම අපචාර වසාගන්න සියලුම දෙනා භාවිතා කරන බවයි පෙනෙන්නේ. කෝ දැන් අර එළිවෙනකල් නඩු අහන උසාවි?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site