(විනීතා එම් ගමගේ)
මීතොටමුල්ල කූණු කන්දේ ඛේදවාචකය සිදු වූ ප‍්‍රදේශය අවට අවදානම් කළාපයක් ලෙස නම් කොට එම ප‍්‍රදේශයේ ගෙවල් 130 ක පමණ පදිංචිකරුවන් තාවකාලිකව ඉවත්කිරිමට උපදෙස් දුන් බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියයි.
මෙම ප‍්‍රදේශය පිළිබඳව හා එහි ඉදිරියේ දී කළයුත්තේ කුමක්දැයි යන්න පිළිබඳව ඉක්මණින්ම නිර්දේශ දීමට බලාපොරොත්තු වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම්, අවදානම් කළාප හා පර්යේෂණ අධ්‍යක්ෂ ආර් එම් එස් බණ්ඩාර මහතා ලංකාදීපයට පැවැසීය.
සිදුවී ඇත්තේ කුණු කන්ද නාය යාම නොව කුණු කන්දේ බර පොළව මත තෙරපීම නිසා නිවාස තිබු පැත්තේ පොළව ඉලිප්පී නිවාස පෙරලීම බව කී බණ්ඩාර මහතා ඒ මතට පසුව කුණු පෙරලී ඇතැයි ද කීය. එමෙන්ම එහි පස් පෙරළිමක් ද සිදුව ඇතැයි බණ්ඩාර මහතා පැවැසීය.
පවතින තත්ත්වය යටතේ තව දුරටත් කුණු දැමුවහොත් පවතින අවදානම තව දුරටත් වැඩි විය හැකි බව ද ඒ මහතා කීය.
මේ වනවිට ප‍්‍රදේශයේ කාණු සියල්ලම වැසී පවතින නිසා සුළු ගංවතුර තත්ත්වයක් පවතින බවත් වැසි ලැබුණහොත් ගංවතුර අවදානමක් ද ඇතිවිය හැකි බවත් හෙතෙම කීවේය.
2025 දෙසැම්බර් මස 04
305
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
418
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
393
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කුණු කන්ද අවට අවදානම් කලාපයක්
Chanak Los Angeles Sunday, 16 April 2017 10:45 PM
හොරෙක් හිරේට දාපු ගමන් බලන්න දුවන අර නායකයා මේ අනතුර බලන්න යන්නේ නැද්ද? මම මේ අහන්නේ ඔහුට කඩේ දුවන ගෝලයන්ගෙන්...