IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කැඩෙට් නිලධාරියාගේ සිරුර වසර දෙකකට පසු ගොඩ ගනී

(තරිඳු ජයවර්ධන)
 
දියතලාව යුද හමුදා කඳවුරේදී ගෙල වැළලාගෙන මිය ගියැයි යුද හමුදාවෙන් කී  ආධුනික කැඩෙට් නිලධාරියාගේ සිරුර දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා වසර දෙකකට පසු ලබන සඳුදා (13) යළි ගොඩ ගන්නා බව රහස් පොලිසිය කියයි.
 
කොළඹ අධිකරණ වෛද්‍ය විශේෂඥ අජිත් තෙන්නකෝන්, අධිකරණ වෛද්‍ය විශේෂඥ එම් පී හේවගේ සහ රාගම අධිකරණ වෛද්‍ය විශේෂඥ හඳුන් විජේවර්ධන මහත්වරුන් දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතය.
 
ලහිරු රංජන ප්‍රනාන්දු නම් එම කැඩෙට් නිලධාරියාගේ සිරුර තැන්පත් කර ඇති වැලිවේරිය සුසාන භූමියට හෙට (10) සිට පොලිස් ආරක්ෂාව යොදවන බව  රහස් පොලිස් ආරංචි කියයි.
 
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ ආදි ශිෂ්‍යයකු වන ලහිරු රංජන 2015 ජුනි මාසයේදී දියතලාව කඳවුර තුළදී මිය ගියේය. මෙය සිය දිවි හානි කර ගැනීමක් බව යුද හමුදාව කියා තිබුණද  මෙම සිදුවීමේදී අපරාධයක් වී ඇතැයි මරණ පරීක්ෂණයේ සාක්කි විභාගයෙන් පසු බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කළේය.



අදහස් (1)

කැඩෙට් නිලධාරියාගේ සිරුර වසර දෙකකට පසු ගොඩ ගනී

සෙනෙවි Friday, 10 March 2017 06:41 AM

විශ්ව විද්‍යාල වල නවක වධය ගැන තියෙන උනන්දුව හමුදාවල නවකයන්ට පුහුණු කාලයේ දී ලැබෙන වධ බන්ධන ගැනත් තිබුණා නං හොඳයි

:       0       145

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 658 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site