IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කෝටි 6 ක් වංචා කළ විදේශිකයන් 16 ක් අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)

විදේශ රටවල ලොතරැයි දිනුම් ඇදී ඇති බවට හා විදේශ රටකින්  වටිනා  ත්‍යාගයන්  ලැබී ඇති බවට  පවසමින්    අන්තර්ජාලය ඔස්සේ  පිරිස් මුලා කර රුපියල් කෝටි 6 ට අධික මුදලක් චංචා කළ බවට පැමිණිලි 101 ක්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති බව පොලිස් මාධ්‍ය හා තොරතුරු කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පති ලාල් සෙනවිරත්න මහතා අද (16)  පැවසීය.

මෙම පැමිණිලි අනුව  නයිජීරියානු ජාතිකයන් සහ චීන ජාතිකයන් 16 දෙනෙක්  පමණ  අත්අඩංගුවට  ගෙන ඇති බව  නියෝජ්‍ය පොලිස්පති ලාල් සෙනවිරත්න මහතා කියා සිටියේය.

මෙම වංචාවන් දිගින් දිගටම සිදුවන හෙයින් පිටරටින් ත්‍යාගයක් හෝ ලොතරැයි දිනුමක්  ඇදී ඇති බවට  පවසමින්  මුහුණු පොත හරහා  ,   විද්‍යුත් තැපෑල ඔස්සේ  යොමුකරන  පණිවිඩ   පිළිගෙන  නාදුනන  ගිණුම් වලට මුදල්  තැන්පත් කිරීමෙන් වළකින ලෙසට   මහජනයාගෙන් ඉල්ලා සිටින බව  නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය.

ලොතරැයි දිණුම් ඇදී ඇති බව පවසා  එම මුදල් ලබා දීමට බදු මුදල් වශයෙන් සහ පිටරටින් ත්‍යාග ඒවා රේගුවෙන් නිදහස් කිරීම සඳහා යැයි පවසමින්  විවිධ වංචාකරුවන් ඔවුන්ගේ  ගිණුම් වලට  වංචනික ලෙස මුදල් තැන්පත් කරගෙන ඇති බවට පැමිණිලි ලැබී ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා  කීය.

කිසිවකු නොමිලේ ත්‍යාග මුදල් ලබා නොදෙන බවත් , එවැනි වංචනිකයන්ට  රැවටී    නොදන්න ගිණුම් වලට මුදල් තැන්පත් කිරීමෙන් වළකින ලෙසත්  ජනතාවගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම සඳහන් කළේය.

ශ්‍රී ලංකාව වැනි රටවල  බොහොමයක්   පිරිස මෙවැනි  වංචාවන්ට  ඉතා ඉක්මනින් හසුවන බැවින්   නයිජීරියානුවන් ඇතුලු විදේශිකයන්  මෙවැනි ක්‍රියා සඳහා   ශ්‍රී ලංකිකයන් තෝරා ගන්නා බවද   නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

නියෝජ්‍ය පොලිස්පති ලාල් සෙනවිරත්න මහතා මේ බව පැවසුමේ පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවක දී ය.

 

 

 



අදහස් (2)

කෝටි 6 ක් වංචා කළ විදේශිකයන් 16 ක් අත්අඩංගුවට

Prabha Wednesday, 16 September 2020 07:38 PM

ලංකාවේ විතරක් නොවේ යුරෝපෙත් තක්කඩි වැඩවලට නයිජීරියානුවෝ ප්‍රසිද්ධයි. ඔවුන්ගේ ඉංග්‍රීසි දැනුම නිසා ඇමෙරිකානුවන් ලෙස පෙනීසිටිමින් මිනිස්සු මුලා කරනවා.

:       0       0

Kamal Koyrala Thursday, 17 September 2020 06:19 AM

රුපවාහිනී නාලිකා වලින් උදේ පාන්දර සාස්තර කියනවට වඩා මෙවැනි නීති විරෝධී ක්‍රියාවන් ගැන සහ නීතිය ගැන දැනුවත් කරානම් හොඳයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site