(විනීතා එම් ගමගේ)
උතුරේ ආරක්ෂක අංශ කොටි සමරන්නට එන අය ආපසු හරවා ඇත්තේ නිරෝධායනයට යවන බව කියමින් වුවත් කොරෝනා වසංගතය නැතත් කොටි සමරන්නට දිය නොහැකි බව තම ස්ථාවරය යැයි පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය.
නිරෝධායන නීති යටතේ කොටි සමරන්නට දිය නොහැකි යැයි ආරක්ෂක අංශ කියන්නේ කොවිඩි 19 නොතිබුණා නම් කොටි සමරන්නට පුළුවන් කියන එක දැයි ඔහු ප‍්‍රශ්න කළේය.
කොවිඞ් 19 තිබුණත් නැතත් මේ රටේ කොටි සැමරුම් තියන්නට ඉඩ දිය නොහැකි යැයි ද එය කොන්ද පණ නැති ඊනියා යහපාලන ආණ්ඩුව යටතේ සිදු උනා විය හැකි වුවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සිටියදී හා මහින්ද රාජපක්ෂ අගමැතිවරයා සිටියදී එය සිද්ධවීමට ඉඩ දිය නොහැකි යැයි ද ඔහු කියා සිටියේය.
ගම්මන්පිල මහතා මේ අදහස් පළ කළේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලයේ අද (19) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එම මාධ්‍ය හමුව අමතමින් තවදුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා යුද්ධයෙන් මිය ගිය සිය ඥාතියා සමරා ආගමික කටයුතු කරන්නට ඕනැම කෙනෙකුට අයිතියක් ඇතැයි ද ඊට බාධාවක් නැතත් ත‍්‍රස්තවාදින් සාමුහිකව සමරන්නට ඉඩ දිය නොහැකි යැයි ද පැවැසීය.
එයින් තරුණ පරපුර ත‍්‍රස්තවාදයට යොමු වීමේ ප‍්‍රවනතායවක් ඇතිවිය හැකි බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් ජයග්‍රහණය සැමරීමේ තියෙන සාධාරණය කුමක්ද?
ත්‍රස්තවාදය සැමරීම කරන්නේ ත්‍රස්තවාදීන් විසින් පමණි... නිවටයින් විසින් ඔය සෙල්ලම ත්‍රස්තවාදීන්ට හුරු කරවන ලදී. එය නතර විය යුතුයි...
ගොම්මන්පිල බයිලා ගහනවා හැමදාම..., දැන් 2/3 හදාගන්න කොටියා නිදහස් කරන්න විජේරාමේ රෑට රෑට රැස්වීම් කොහොමද?
මියගිය කොටි සමරනවාට මම තදින්ම විරුද්ධයි. ඒකේ ආයේ දෙකක් නැහැ. ඔන්න මට බනින්න නම් එපා. මං මේ නොදන්න කමටයි අහන්නේ... භීෂණ කාලේ ත්‍රස්තවාදී වැඩකළ සිංහල අයට ඒ අයගේ නායකයන් සමරන්න තහනම් නැහැනේ. දෙගොල්ලෝම කැරලි ගැසුවේ පවතින රජයන් වලටනේ. කොයි එක හරිද? කොයි එක වැරදිද? අනේ! මන්දා... මට තේරුම් ගන්න අපහසුයි.
ඔව්, ඉතින් මේ මනුස්සයා කිව්වා එපා කියලා... නොකර ඉන්නම වෙනවා. මැක්කෙක් ගිය උඩ...
මුලින් කොරෝනා පරදන්න විදියක් හිතමු , පස්සේ සුරුට්ටුව පත්තුකරගන්න බලමු . මොකද ඔයාට තේරුමක් නැතිවූනාට , මුළු රටේම රැවුල ගිනි අරන් තියෙන්නේ. (ලොකු පොඩි හැමෝටම ප්‍රශ්න ...... ආර්ථිකේ , ජන ජිවිත , රැකියා ).......
මට හිනා යනවා මේ මහත්තය කියන දේවල් වලට. ඔව් ඔව් තලගොයි කබරගොයි කරන්න පුළුවන් එක්කෙනෙක් තමයි මේ.
එහෙම බැලුවොත් 71 කැරැල්ල, 88/89 කැරැල්ලත් දැන් සමරන්නේ. මියගිය අය විරුවන්කොට සමරන්නේ. එහෙම කියලා ඒක අද සමරන තරුණයන් ආයුධ අතට ගනියි කියලා හිතනවද?
ගම්මන්පිල කිව්ව නිසා හිත් රිදවගන්න එපා. ඒක ඇත්තද කියලා විතරක් බැලුවනම් හොඳයි.