සිරාජ් හසීම්
ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ ආත්මාර්ථකාමී ප්‍රතිපත්ති විරෝධී ක්‍රියාකලාපය මත දෙමළ ජාතික විමුක්ති සන්ධානයෙන් ඉවත් වීමට පුනරුත්තාපනය කල කොටි සාමාජිකයින්ගෙන් සමන්චිත දෙමළ විමුක්ති කොටි සාමාජිකයින්ගේ පක්ෂය තීරණය කොට ඇත.
පළාත් පාලන මැතිවරණයට පෙරාතුව සන්ධානයේ දේශපාලන පක්ෂ හය අතර අත්සන් කල අබබෝධතා ගිවිසුමට පටහැනිව ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂය කටයුතු කිරීමත් මෙය දැක නොදැක්ක සේ සන්ධානයේ නායකත්වය කටයුතු කිරිමත් මත මෙම තීරණයට පැමිණි බව මෙම පක්ෂය විසින් මාධ්‍ය වෙත නිකුත් කරන ලද නිවේදනයක සදහන්ය.
පළාත් පාලන මැතිවරණය අවසන් වීමෙන් පසු ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂය පළාත් පාලන ආසන ලබාගැනීමේදී ආත්මාර්ථකාමීව කටයුතු කල බවත් මෙහිදී පළාත් පාලන ආසන සමසේ බෙදා නොදුන් බවත් මෙය දැක දැක නොදැක්ක ගානට දෙමළ විමුක්ති සන්ධානයේ නායන ආනන්ද සංගරි මහතාගේ ක්‍රියාකලාපයද අනුමත කල නොහැකි බවත් මේ හේතුව මත තවදුරටත් මෙම පක්ෂයේ රැදී නොසිටින බවත් මෙම පක්ෂය අවසන් වශයෙන් සදහන් කර සිටියේය.
ඉදිරි මැතිවරණ වලදී දෙමළ විමුක්ති කොටි සාමාජිකයින්ගේ පක්ෂය තනිව තරග කරන බවද මෙමගින් අවධාරණය කර තිබිණි.
COMMENTS
ත්‍රස්තවාදීන්ගේ කොඩිය ප්‍රදර්ශනය කර ඇති බැවින් ඒ කොඩිය දැකීමත් අප්‍රසන්න හැඟීමක් බව දන්වා සිටිමි.
හැබැයි එක අවවාදයක් දෙන්නම්... ආයුධ එහෙම අතින් තියා හීනෙන් වත් අල්ලන්න හිතන්න එපා. දන්නවනේ ලොක්කා ආයුධ අරගෙන අපේ ආමි එකට සෙල්ලං දාන්න ගිහිල්ලා කරගත්තු වින්නැහිය. එම නිසා සාධාරණව ඡන්ද වැඩ විතරක් කළොත් හොඳයි. මේක ඔය ගොල්ලන්ට දෙන උපදෙසක් කියා මතක තියා ගන්න.
මට හිතාගන්ට බෑ අයි මේ ජාතිවාදීව ක්‍රියාකරන, ජාතිවාදී ලේබලයක් සහිත පක්ෂ වලට ප්‍රජාතන්ත්‍රවාදීව හෝ ඉදිරිපත් වීමට අවසරය ලැබෙන්නේ කියලා.මේවා අහෝසි කිරීමට නීති රීති සම්පාදනය කර ඍජුව ක්‍රියා කිරීමට කිසිම පාර්ලිමේන්තු කණ්ඩායමකට නොහැකි වේනම් ඔවුන් ලක් වැසියන්ගේ නිහඬ හතුරෝ බවට පත්වෙනවා පමණක් නොව දේශපාලන වශයෙන් රටේ අනාගතයේ ඇති භයානක කමද කියැවෙනවා ඇත...