(ටී. කේ. ජී. කපිල)
රුපියල් තුන් කෝටි තුනහමාරක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධීව ශ්‍රී ලංකාවට රැගෙන ආ 27 හැවිරිදි ගුවන් සේවකයෙකු අද(18) අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහඳව මහතා පවසයි.
මෙම ගුවන් සේවකයා අද උදෑසන 10.25 ට පමණ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට පැමිණි ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළට පැමිණ තිබේ.
ඔහු කොළඹ බලා යද්දී රේගුව වෙත ලද තොරතුරු මත පෑලියගොඩ ප්‍රදේශයේ දී රේගුව විසින් මෙම පුද්ගලයා අත් අඩංගුවට ගනු ලැබ තිබේ . එහිදී ඔහු රැගෙන ආ අත් බෑගය රේගුව විසින් පරීක්ෂා කරත්දී ඒ තුළ තිබී මෙම ස්වර්ණාභරණ තොගය සොයා ගෙන තිබේ .
එහි කිලෝ ග්රෑම් 6 යි ග්රෑම් 500 ක් බර ස්වර්ණාභරණ තොගයක් තිබූ බැව් රේගුව පවසයි .
(ඡායාරූප-ප්‍රසාද් මුතුකුඩ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රේගුවට අසු නොවී මෙයා කොහොමද ගුවන් තොටුපලින් එලියට ගියේ .. අදාල නිලධාරිනුත් වග කියන්න ඕන. ඔත්තුව අවේ නැත්නම් මෙයා ගොඩ.
ඔය නිලධාරි සේරම ඉන්න කොට නේද මේ කෙනා ඔය රත්තරන් අරගෙන පිටව ගියේ දැන් වටකර ගෙන ඉන්නේ බොරුවට හරි නම් සේරමගේ වැඩ තහනම් කරන්න ඕනේ සේරම හොරු සල්ලි පගාව අරන් යන්න දිලා
ලංකාවේ රත්තරන් නැනේ කොහොමත් ඕව රටින්නේ ගේන්නේ. කොහොමහරි ලංකාවට ගෙනාව එකනේ වටින්නේ ලංකාවෙන් ගෙනිච්චානම්නේ ප්‍රශ්නේ.
දාහතරදෙනාටම කීයගානේ බෙදිලා යනවද? රේගුවේ ඉන්නේ ඔච්චරද?