(සිතුම් චතුරංග)
කිලිනොච්චිය, මලයාලපුරම් ප‍්‍රදේශයේ ළිඳක් හා පච්චිලිපලෙයි හි කැළෑ ප‍්‍රදේශයක තිබී එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් භාවිතා කළ ක්ලේමෝ බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි.
පච්චිලිපලෙයි ප‍්‍රදේශයේ වන ලැහැබක තිබී පුපුරා නොගිය මිලිමීටර 81 මෝටාර් උණ්ඩය සොයාගත් අතර කිලිනොච්චිය, මලයාලපුරම් හි නිවසට යාබඳ පාළු ළිඳක් පිරිසිදු කිරීමේදී පුපුරණ ද්‍රව්‍ය තොගය සොයා ගෙන ඇත.
ළිඳ තුළ තිබී හමුවූ පුපුරණ ද්‍රව්‍ය අතර තුළ තිබී අඟල් 14 දිග ක්ලේම් බෝම්බ දෙකක්, මිලිමීටර 81 වර්ගයේ මෝටාර් උණ්ඩ 14 ක්, මිලිමීටර 60 වර්ගයේ මෝටාර් උණ්ඩ එකක්, ආර්.පි.ජි. උණ්ඩ පහක්, ටි. 56 වර්ගයේ පතුරම් පෙට්ටි 05 ක් , අත්බෝම්බයක් හා එල්.එම්.ජි. පතුරම් 58 ක් සොයාගත් බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd