(සිතුම් චතුරංග)
කොටි සාමාජිකයින් වවුනියාව, නෙලූක්කුලම, කූමන්කුලම ප‍්‍රදේශයේ පෞද්ගලික ඉඩමක් තුළ සඟවා තබා ඇතැයි සැකකෙරෙන අවි ආයුධ හා රත‍්‍රං තොගයක් සොයා අද (9) වවුනියාව පොලිස් නිලධාරීන් හා ආරක්ෂක අංශ විසින් කැණිම් ආරම්භ කරනු ලැබීය.
අවසන් යුද සමයේ කොටි සංවිධානය විසින් නැවත ප‍්‍රයෝජනය ගැනීම සඳහා අවි ආයුධ හා රත්රන් සඟවා ඇති බවට නාවික හමුදාව වෙත ලැබුණු බුද්ධි තොරතුරක් මත වවුනියාව මහෙස්ත‍්‍රාත් අධිකරණ නියෝග යටතේ පෙරේදා (8) සවස අදාළ ඉඩමෙහි කැණීම් ආරම්භ කළේය.
සඟවනු ලැබු යුද උපකරණ හා රත්රන් සොයා පෙරේදා (8) සවස පැය ගණනාවක් බැකෝ යන්ත‍්‍ර හා සිවිල් පොලිස් නිලධාරීන් විසින් කැණීම් සිදුකරනු ලැබුවද අදාළ ස්ථානයන්ගෙන් කිසිදු උපකරණයක් හමු නොවු බවද පොලිසිය පැවසීය.
ඒ අනුව අද (9) රත‍්‍රං හෝ අවි ආයුධ සොයා කැණීම් ආරම්භ කළ අතර එම කැණිම් කළ භුමියේ කිසිවක් හමු නොවීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරෙන් අල්ලා ගත්තු කොටි... රත්තරන් තොගේකට අපේ ලොක්කෙක් දැහැමෙන් සෙමෙන් වැඩේ දුන්නා කියලත් කියනවා නේද? මිනිහ නියම වැඩකාරයා. ආයේ ගමනක් මොකක් හරි ජිල්මාට් එකක් දාන්න වගෙයි ලෑස්ති වෙන්නේ !
හාරන්න කලින් ස්කෑන් කරන තාක්ෂණය දන්නේ ලංකාවේ හොරුන් විතරද?
ප්‍රභා ළමයෝ, "හාරන්නා .. බලන්නා .. දුවන්නා..!" කියල කියන ජන කතාවකුත් තියනවා නේද.?