IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කොටි ආයුධ රැසක් කිලිනොච්චියෙන් මතු වෙයි

 ( රොමේෂ් මධුෂංඛ)


කිලිනොච්චිය පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේ පිහිටි අතහැරදැමූ නිවසක් ආසන්නයේ පිහිටි කොටි සංවිධානය විසින් භාවිතා කරන ලද භූගත අවි බංකරයක තිබී ආයුධ රැසක් හමු වූ බව කිලිනොච්චිය පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.


පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේ පිහිටි අතහැර දැමූ නිවසක තිබූ වැසිකිළි වළක් බවට සැකකෙරෙන ස්ථානයක් පිළිබඳව ප්‍රදේශයේ ගවයින් බැලීමට ගිය පිරිසකට හමු වී එය පරික්ෂා කිරීමේදී එය තුළ ආයුධ දැක පොලීසියට දන්වා තිබේ.


අනතුරුව පොලීසිය  විසින් පොලිස් විශේෂ කාර්ය බලකායට දැනුම් දී කිලිනොච්චිය අධිකරණ නියෝගයකට අනුව අදාල ස්ථානය පරික්ෂා කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් පියවර ගන්නා ගෙන ඇත.


කොටි සංවිධානය විසින් භාවිතයට ගන්නා ලද ටී.56. පතුරම් 35,000ක් , අත් බෝම්බ 184ක්, ක්ලේමෝ බොම්බ 05ක් ,අධිබලැති පුපුරණද්‍රව්‍ය කිලෝ 04ක්, මිලිමීටර් 40 වර්ගයේ උණ්ඩ 34 ක්, ආර්.පී.ජී.උණ්ඩ 4 ක් ඇතුලු යුද උපකරණ තොගයක් මෙහිදී  හමු වී ඇත.


අදාල ආයුධ තොගය ගොඩගන්නා විටත් දැඩි ලෙස අබලන් වී තිබූ අතර අධිකරණ නියෝගයකින් එම ආයුධ තොගය විනාශ කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් පියවර ගෙන තිබේ.



අදහස් (1)

කොටි ආයුධ රැසක් කිලිනොච්චියෙන් මතු වෙයි

rasika Friday, 08 June 2018 03:24 PM

තව කොච්චර තියෙනවද දන්නේ නැ

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 105 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 908 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 622 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site