ඉන්දිකා රාමනායක
කොටහේන සුමිත්‍රාරාමපාරේ බිලිං වත්තේදී වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ පළතුරු ව්‍යාපාරිකයන් තිදෙනකු බව පොලිසිය කියයි.
මේ තිදෙනා නිවසක් අසල කතා බහ කරමින් සිටියදී පැමිණි පිරිසක් T - 56 ගිනි අවියකින් වෙඩි තබා පළා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.
සමන්ත ප්‍රදීප්, මිලාන් මධුසංඛ සහ ජයරත්න නම් මේ තිදෙනා මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබූහ. කෙසේ වෙතත් එක් පුද්ගලයකු මිය ගිය බව රෝහල් ආරංචි මීට ටික වේලාවකට පෙර තහවුරු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාතාලයට ,අවිගත් කල්ලි වලට දොර විවෘත්ත කර දුන්නේ දේශපාලනයයි. අද එම කල්ලිවල සහයෙන් තොරව මහත්මා දේශපලනයක් කිරීමට දේශපාලකයාට නොහැකි වී ඇත.