(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොටහේන ජාතික පාසලේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර ගොඩනැගිල්ලේ අද (24) ඇති වු ගින්නකින් ඉහළ මහළ සම්පුර්ණයෙන් විනාශ වී ඇති බව කොටහේන පොලිසිය පවසයි.
ගින්නෙන් රුපියල් ලක්ෂ ගණනක දේපල විනාශ වී තිබේ. ගින්නට හසුවීමෙන් දෙමහල් ගොඩනැගිල්ලේ ඉහළ මහලේ තිබු පරිගණක 40කට ආසන්න ප්‍රමාණයක් හා තවත් දේපළ රැසක් විනාශයට පත් වී ඇතැයි පොලිසිය කියයි.
ගින්නට හසුවූ තාක්ෂණ විද්‍යාගර ගොඩනැගිල්ල අද (24) පෙරවරුවේ 5.15 ට පමණ ගුරු හිමිනමක් හා මුරකරුවෙකු විවෘත කර ඉහළ මහළට ගොස් විදුලිය ක්‍රියාත්මක කර පහළට පැමිණ මද වේලාවක් ගත වෙද්දී ඉහළ මහළින් ගින්න හට ගෙන ඇත.
ගින්න සැළ වු වහාම කොටහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද කරුණාරත්න මහතා ඇතුළු නිලධාරීන් ග්‍රෑන්ඩ්පාස් ගිනි නිවීමේ සේවා දෙපාර්තමේනතුවේ ගිනි නිවන නිලධාරීන් කැඳවීමට පියවර ගෙන තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උදේ පාන්දර 5.15 ට විද්‍යාගාර විවෘත කරන්න කිසිම හේතුවක් නැහැ. අපේ විද්‍යාගාරවල යතුරු තියෙන්නේ විදුහල්පතිගේ කාමරේ යතුරු බෝර්ඩ් එකේ ඒ නිසා විදුහල්පතිගේ කාමරේ ඇරියට පස්සේ තමයි අනික් වැදගත් සහ වටිනා කාමර ඇරෙන්නේ. මෙතන මොකක්හරි යටිකූට්ටු වැඩක් වෙලා තියෙනවා.
උදේ පාන්දර 5.15 ට විද්‍යාගාර විවෘත කරන්න කිසිම හේතුවක් නැහැ. අපේ විද්‍යාගාරවල යතුරු තියෙන්නේ ප්‍රින්සිපල්ගේ කාමරේ යතුරු බෝර්ඩ් එකේ ඒනිසා ප්‍රින්සිපල්ගේ කාමරේ ඇරියට පස්සේ තමයි අනික් වැදගත් සහ වටිනා කාමර ඇරෙන්නේ. මෙතන මොකක්හරි යටිකූට්ටු වැඩක් වෙලා තියෙනවා.
පරිගණක ටික උස්සලා වගේ...
මහින්දෝදය නම හින්දද ගිනි අරන් තියෙන්නෙ. මහින්ද නමට බය කවුරුහරි පාසලේ ඉන්නවද.