IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කටාර් රාජ්‍යයේ තහනම වැරදියි - සෞඛ්‍ය ලේකම්

(බිඟුන් මේනක ගමගේ)

සංචාරකයන්ට වාරණයක් දැමීමට තරම් ඒ (එච්1එන්1 )  රෝගය බරපතල ලෙස වර්ධනය වී නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි. 2005 ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජනය කරන කිසිදු රටකට තවත් සාමාජික රටකට එවැනි තහනමක් පැනැවීමට නොහැකි යැයි ද සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් පෙන්වා දෙයි. 

ලංකාවේ සංචාරය නොකරන්නැයි කටාර් රාජ්‍යය කළ නිවේදනයට අදාළව කරුණු දක්වමින් සෞණ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනුර ජයවික්‍රම මහතා විසින් විදේශ අමාත්‍යංශයේ ලේකම් ඇසල වීරකෝන් මහතාට යොමුකරන ලද ලිපියක් මගින් මෙ බව දන්වා තිබේ. 
මේ වනවිට ලංකාවේ පවතින්නේ ද 2009 සිට ලොව පුරාම කලින් කලට දකින්නට ලැබුණු තත්ත්වයක් යැයි ද වාර්ෂික මෝසම් වැසි කාලය සමඟ දෙසැම්බර් සිට පෙබරවාරි දක්වාත් මැයි සිට ජූලි දක්වාත් මෙම තත්ත්වය මතු වීම සාමාන්‍ය කරුණක් යැයි ද එම ලිපියේ සඳහන් වේ. 

මහනුවර, කිලිනොච්චිය, යාපනය හා මොණරාගල දිස්ත්‍රික්කවල රෝගය පැතිර යාමේ වර්ධනයක් දැකිය හැකි වුවත් සමස්තයක් වශයෙන් ගත්විට පළමු මාස දෙකට සාපේක්ෂව අඩුවීමක් දැකිය හැකි යැයි පවසන අනුර ජයවික්‍රම මහතා මෙය අනපේක්ෂිත තත්ත්වයක් නොවන්නේ යැයි ද පවසයි. 

ඒ (එච්1එන්1 ) රෝගය සම්බන්ධයෙන් පළ වන බොහෝ මාධ්‍ය වාර්තා අසත්‍ය සහ පදනම්විරහිත පුවත් යැයි ද මෙම රෝගී තත්ත්වය දරුණු ලෙසම පැතිර ගිය 2009 වර්ෂයේදීවත් කිසිදු රාජ්‍යක් විසින් තවත් රාජ්‍යකට සංචාරක තහනමක් පැනවූයේ නැතැයි ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ. 



අදහස් (4)

කටාර් රාජ්‍යයේ තහනම වැරදියි - සෞඛ්‍ය ලේකම්

සරත් Thursday, 06 April 2017 02:28 AM

H1N1 වලට බෙහෙත් ගෙනල්ල නැති එකත් සාමාන්‍ය දෙයක් වෙන්ට,ඩෙංගු පසුගිය වසරට වඩා 3 ගුණයකින් වැඩිවුන එකත් සාමාන්‍ය දෙයක් වෙන්ට ,මධ්‍යම පළාතේම 17ක් මැරිලා,ඇමති පිස්සු නටනවා තමන්ගේ රාජකාරිය අමතක කරලා .ඉතින් මිනිස්සු බය නොවී ඉඳියි ද ?

:       0       410

sarath Thursday, 06 April 2017 02:29 AM

කටුනායක ඉමිග්රේෂන් එක ඉස්සරහ කොහොඹ කොලයක් එල්ලන්න ,

:       21       7

nilmini Thursday, 06 April 2017 05:50 AM

ඒ විතරක් නෙවෙයි. ඔබතුමාලා ඔය ඔක්කොම ලෙඩ පැතිරෙද්දී 7 වෙනිදා දිවයින පුරා වර්ජනයකුත් කරනවනේ ලෙඩ්ඩු මැරෙන්න ඇරලා. ඉතින් ඒ රටේ මිනිස්සු එවාවිද මේ වගේ බරපතල තත්වයක් තියෙද්දී ?

:       126       3

Sanjeewa Thursday, 06 April 2017 08:59 AM

රටකට ඕනේ අපමණ අගයක්!!!!

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site