IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කටුනායක මිනුවන්ගොඩට ගෙන යාමට විරෝධය

(ප්‍රසාද් මුතුකුඩ)

අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් කටුනායක  ගුවන්තොටුපොළ  සහ කටුනායක  අධිකරණ බල  ප්‍රදේශ මීගමුව  මහේස්ත්‍රාත්  අධිකරණ බල ප්‍රදේශයෙන් ඉවත් කර මිනුවන්ගොඩ අධිකරණයට  එකතු කිරීම  සම්බන්ධයෙන් මීගමුව නිතිඥ සංගමය අද (21) පැවැති මාධ්‍ය හමුවකදි විරෝධය දැක්වීය.

කටුනායක ගුවන්තොටුපොළ සහ කටුනායක  අධිකරණ බල ප්‍රදේශ ඉකුත් 12 වැනි දා සිට  මෙලෙස මිනුවන්ගොඩ  අධිකරණ බල ප්‍රදේශයට අයත් බවට  ප්‍රකාශ කිරීම හේතුවෙන්  සෘජුවම අගතියට පත්වන පාර්ශවයන්ගෙන් කිසිදු  අකාරයකින්  විමසීමක්  හෝ කිසිදු පූර්ව දැනුම් දීමක්ද කර නැතැයි ද එම සංගමය කියයි.

මෙම  ගැසට් නිවේදනය නිකුත් කිරිමට  කටයුතු කර තිබු  බව පැවසෙන හිටපු අධිකරණ අමාත්‍යවරයාගේ ක්‍රියාව පිලිබදව  දැඩි ලෙස හෙලා දකින බව  මීගමුව නිතිඥ සංගමයේ සභාපති  චරිත ඩි  ජයනාත් මහතා පවසයි.

මින් මහ ජනතාවට විශාල පීඩාවකට මුහුණ දීමට සිදුවන බව  ද මෙහිදි කියැවිණි.

එමෙන්ම ආගමන විගමන හා  අපරාධ දෙපාර්තමේන්තුව යටතේ පවත්වන නඩු වලදී විශාල ගැටළුවක් ඇති බව බවත්  ගුවන් තොටුපළ රේගුව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයෙන් අත්අඩංගුවට  ගන්නා නඩු භාන්ඩ මිනුවන්ගොඩ දක්වා ප්‍රවාහනය  කිරීමේදි  ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළු  රැසක් ඇති වන බවත්  එම සංගමය පෙන්වා දෙයි.ඒ සදහා විශාල මහජන මුදල්  ප්‍රමාණයක් වැය වන බවද  නීතිඥ සංගමය  පවසයි.



අදහස් (6)

කටුනායක මිනුවන්ගොඩට ගෙන යාමට විරෝධය

channa Thursday, 21 September 2017 01:35 PM

මෙයාලට නඩු නැති වෙන නිසා බොරුවට සද්දේ දානවා

:       2       339

lusena Thursday, 21 September 2017 02:31 PM

අධික මුදල් !!! අයකරන නීති තමයි දැන් ඉන්නේ

:       0       19

Vincent Thursday, 21 September 2017 03:44 PM

මෙහෙමත් රටක අපි ජිවත් වෙමු. ලෝකෙන්ම උතුම් රටේ උතුම් නීතිඥවරු, උතුම් වෛද්‍යවරු සහ උතුම් දේශපාලකයන් සමඟ අපි ලැජ්ජාවෙන් ජීවත් වෙමු.

:       0       307

D.P.Liyanage Friday, 22 September 2017 01:38 AM

කටුනායක ගුවන් තොටුපලේ සිට මිනුවන්ගොඩ ට දුර කොපමණද? එමෙන්ම ගුවන් තොටුපලේ සිට මීගමුවට දුර කොපමණද? නීතිඥයන්ගේ කරුණු ඉදිරිපත් කිරීම මෙසේ තමයි. තමන්ට අවාසි වන විට මොනවා හෝ කරුණු ඉදිරිපත් කරලා තමාට වාසිය හරවා ගන්න තමයි බලන්නේ.

:       0       156

wedage Friday, 22 September 2017 03:56 AM

මම බය උනා මේ ලඟදි හදපු රණ වේ එක ගෙනියන්න හදනවද කියලා.

:       0       79

shan saudi Friday, 22 September 2017 08:30 AM

මුන් හිතා ඉන්නේ රට මිනිස්සු මොකුන් කියලද? ජනතාව හරක් නෙවේ.... උන්ගේ අදායම අඩු වනවා මිස රටවත් ජනතාවටත් නඩු කටයුතු වලටවත් නැත්නම් භාණ්ඩ ප්‍රවහනයටවත් කිසිම ගැටළුවක් වෙන්නේ නැහැ.... මිනුවන්ගොඩ කියන්නේ මීගමුවට වඩා අඩු දුරක් වාහන තදබදය අඩු පාරක් අනෙක පිවිසීමට මාර්ග දෙකක් තියන නගරයක් මේ මුන් කන්නේ මුන්ගේ බඩේ පාර වදින හන්ද කිසිම ගැටළුවක් නෑ .... ඉතාම හොද වැඩක් නීතිඥයන් කියන්නේ ජනතාවගේ ධනය සූරන් කන ජාතියක් එකේ අමාරුව මේ

:       0       80

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 83 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site