(ටී.කේ.ජී.කපිල )
තම ගමන් මල්ලේ සඟවා ගෙන කටාර් රාජ්‍යයේ සිට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ රන් බිස්කට් 5 ක් අද (12) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය.
මෙම රන් බිස්කට් තොගය නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන එනු ලැබූවේ 39 හැවිරිදි කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු වසර 10 ක් පමණ කටාර් රාජ්‍යයේ සේවය කර ඇත්තෙකි .
මෙම රන් බිස්කට් වල මුළු බර ග්‍රෑම් 291.55 ක් වූ අතර , ඒවායේ වටිනාකම රුපියල් 17,49,300 ක් වේ.
මෙම රන් බිස්කට් සියල්ල රාජසන්තක කර මේවා නීතිවිරෝධී ලෙස රැගෙන ආ පුද්ගලයාට රුපියල් 25,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබෑටම මේවට මොනාද වෙන්නේ? අල්ලනවා පෙන්නනවා නමුත් ඊට පස්සේ? කුඩු, දුම්වැටි, රත්තරන් වගේ තව බොහෝ දේවල් වලට වුන දේ අපිට පෙන්වන්නේ නැහැ. මොකද අපිට අමතක වෙන් රෝගයක් තියන නිසා....
අපිත් නිව්ස්වලින් හැමදාම දකිනවා විවිධ දේවල් රේගුවෙන් අල්ලනවා. දැන දැන කෝටි ගණන් වටිනා දේවල් අරන් එනවා.