රොමේෂ් මධුෂංඛ
මුලතිව් සුදන්දිරපුරම් ප්‍රදේශයේ දී කොටි සංවිධානය විසින් පවත්වාගෙන ගිය පුහුණු කොටි කඳවුරක් තිබූ ස්ථානයක සිදු කරන ලද කැණීම් වලදී බබා මෝටාර් නැමති විශාල උණ්ඩ දෙකක් සමඟ යුද උපකරණ තොගය මුලතිව් සහ යාපනයේ නාවික හමුදා නිලධාරීන් පිරිසක් විසින් අද (18) ගොඩ ගෙන ඇත.
යුද සමයේදී කොටි සංවිධානය විසින් පුහුණු කොටි කඳවුරක් එම ස්ථානයේදී පවත්වාගෙන ගොස් ඇති බවට යාපනය සහ මුලතිව් නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මුලතිව් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයකින් අදාළ ස්ථානයේ කැණීම් කටයුතු ආරම්භ කිරීමෙන් පසුව මෙම යුද උපකරණ තොගය හමු වී ඇත.
මෙසේ හමු වූ යුද උපකරණ අතර කොටි සංවිධානය විසින් භාවිතා කරන ලද බබා මෝටාර් යනුවෙන් හැඳින්වෙන මිලිමීටර් 81 සහ මිලිමීටර් 73 වර්ගයේ මෝටාර් උණ්ඩ දෙකයි, ආර්.පී.ජී,උණ්ඩ එකයි, ටී.එන්.ටී. ස්ලැබ් එකයි, ටී.එන්.ටී. පෙට්ටියක්, මිලිමීටර් 73,81,122,85, වර්ගයේ මෝටාර් ෆියුස් එක බැගින්, එන්.ආර්.7 වර්ගයේ අත්බෝම්බයක්, ආර්.පී.ජී. උණ්ඩයක කොටස්, හඳුනා නොගත් අත්බෝම්බයක්, වර්ගයක් හඳුනානොගත් දුම් බෝම්බයක්, පැරා බෝම්බ කොටස් ඇතුළු යුද උපකරණ රැසක් හමු වී ඇත.



2025 නොවැම්බර් මස 21
49
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
154
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1008
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
කොටීන්ගේ පුහුණු කඳවුරක තිබී යුද උපකරණ තොගයක් ගොඩගනී
isurandi Thursday, 19 July 2018 04:06 AM
මතු පරපුරට දායාද කරන්නනේ වලදාලා තියෙන්නේ.?
Dath dosthara Thursday, 19 July 2018 04:49 AM
ඔය අපේ ළමයි සෙල්ලම් කරන්න ගෙනාපුවා ඒ කාලේ .........
Mohan Saturday, 21 July 2018 03:09 PM
දැක්කෙ නෑ වගේ හිමිට ලිස්සලා යන්න ඕනි. මේවාට මොනවාහරි කිව්වොත් ත්‍රස්ථවාදයට අපහාස කළා කියලා අත්අඩංගුවට ගන්න බැරි නෑ.