(කන්තලේ විශේෂ ආර්.පී ධර්මදාස)
කුච්චවේලි ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඔසවා තිබූ බෞද්ධ කොඩියක් කුච්චවේලි ප්‍රාදේශීය ලේකම්වරයාගේ නියෝගයෙන් ගලවා දැමූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් උතුරු සහ නැගෙනහිර සිංහල සංවිධානය ත්‍රිකුණාමලය දිසාපතිවරයාට ලිපියක් යැවූ බව එම සංවිධානයේ කැඳවුම්කරු අනුර බණ්ඩාර මහතා පැවසීය.
කුච්චවේලි පොල්වත්ත ප්‍රදේශයේ නැවත පදිංචියට ආ පවුලක් තම නිවස ඉදිරිපිට ඔසවා තිබූ බෞද්ධ කොඩියක් එහි පැමිණි ප්‍රාදේශීය ලේකම් ඇතුළු පිරිසක් විසින් පසුගිය 2දා බලහත්කාරයෙන් ගලවා දමා ඇතැයි ලිපියේ සඳහන් වේ.
එහි පිටපත් නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති වෙතද යවා ඇතැයි ඔහු වැඩි දුරටත් පැවසීය.
දිගු කලත් අවතැන්ව සිට නැවත තම උපන් ගමේ පදිංචියට පැමිණීමට අවකාශය ලැබීමේ ප්‍රීතිය සහ දුරුදු පොහොය නිමිත්තෙන් බෞද්ධයෙකු හැටියට තමන් මෙසේ සිය නිවස ඉදිරිපිට බෞද්ධ කොඩිය එසවීමෙන් පසුව නිල රථයෙන් පැමිණි කුච්චවේලි ප්‍රාදේශීය ලේකම්වරයා ඔහු සමඟ සිටි පිරිසට කොඩිය ගැලවීමට නියෝග කළැයි නිවැසියා තමන්ට පැවසූ බවද අනුර බණ්ඩාර මහතාගේ ලිපියේ සඳහන් වේ.
COMMENTS
Reply To:
-
තමන්ගේ ගෙදර තමන්ගේ ආගමේ කොඩියක් දාන්න ප්‍රාදේශීය ලේකම්ගෙන් අවසර ඕනද? අපි ඉන්නේ මොන රටේද?
ජන කොටස් අතර සහජීවනය නැති කරන්නේ දේශපාලුවන්ගේ අතකොලු බව මෙයින් ඉතා පැහැදිලි වේ. රාජ්‍ය නිලධාරියෙක් ලෙස කරනලද මේ අකටයුත්තට නිසි දඬුවම් දියයුතුය.
මේ රජයේ නිලධාරියෙක් නේද? ඊලාම් නිලධාරියෙක් නෙමෙයිනේ. අලුත් ආණ්ඩුක්‍රම වියවස්ථාවෙන් පළාත් ආණ්ඩුවලට තව බලතල දුන්නොත් කොහොමට හිටීවිද?
එහි පිටපත් නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති වෙතද යවා ඇති නිසා දැන් විසාල බෞද්ධ කොඩියක් එල්ලලා සිංහයාගේ කඩුව අතට අරන් ගේ දොරකඩ ඉන්න.
හරි නේ ඉතින්, අනුන්ගේ රටකට ගිහින් තමන්ට අයිති කොඩි දැම්මම ඔහොම වෙනවා.
ළඟදීම සංහිඳියාව දොරේ ගලයි වගේ.
වසර 2500 ක බෞද්ධ අනන්‍යතාවය මුළු රටෙන්ම ගැලවෙන හෝ ගලවන දිනය වැඩි ඈතක නෙමේ.
දන්නේ නැද්ද අද උතුරට එක නීතියක් දකුණට තව නීතියක්?
ඔබතුමා අදහස් කල තමන්ගේ රට සහ අනුන්ගේ රට නම් වශයෙන් සඳහන් කරන්න පුලුවන්ද? අනෙක මෙතන ඔසවල තියෙන්නේ ජාතික කෝඩියක් නොවෙයි බෞද්ධ කොඩියක්. ශ්‍රී ලංකාවේ නම් පුද්ගලික ස්ථානයක ඕනෑම ආගමික කොඩියක් එසවීම නීතියට පටහැනි නැත. ආගම කුමක්ද ජාතිය කුමක්ද යන්නවත් හරිහැටි නොදන්නා අය තනතුරු සඳහා පත් වුවහොත් මීට වැඩි දෙයක් බලාපොරොත්තු විය නොහැක.
මෙහිදී අදාල නිතිය ගැන සැලකිල්ලට ගත යුතුයි. රටේ ධජය රට තුළ එසවීමත් තමන්ගේ ආගමික නිදහස පිළිබඳවත් ව්‍යවස්ථාවේ ඇති කොටස ගැන නොදැනුවත් නිලදාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි හමස් පෙට්ටියට යැවිය යුතුවේ.
සිංහල බෞද්ධ අපිට යන එනමන් නැහැ දැන්. පාට පක්ෂ බෙදාගත් සිංහල මෝඩ මිනිසුනේ මතු නුපන් පරපුරකට මේ සිංහල අපේ පින් බිමේ කෙලෙස ජිවත් වෙයිද කියල ඔබට තේරෙනවද .?
මෙහෙම හිතන මිනිස්සුත් අපේ රටේ ඉන්නවා. මොනවා කරන්නද. විහිලුවටවත් එහෙම හිතන්න එපා.
පුරවැසියකුගේ මානව හිමිකම් උල්ලංඝනය කල මේ නිලධාරියාට දෙන දඩුවම මොකක්ද? අගමැති තුමා සහ ජනාධිපති තුමා මේ ගැන කියන්නේ මොනවාද?
මෙයාට දඬුවම් යථා කාලයේදී ලැබේවි