ඉන්දිකා රාමනායක
කච්චතීව් දුපතේ වටප‍්‍රමාණය හා ඒ අවට මුහුදු සීමාව ගැඹුර ආවරණය වන පරිදි ශි‍්‍ර ලංකා නාවික හමුදාවේ ජල මානක විද්‍යා අංශය මගින් සක්සරන ලද ප‍්‍රථම නාවික සිතියම පසුගියදා එළි දැක්වීය.
නාවික හමුදාව දැනට පරිහරණය කරන්නේ ඉංගි‍්‍රසි පාලන සමයේ ඉංගි‍්‍රසි ජාතිකයින් විසින් සකස් කරන ලද සිතියම් බවත් එම සිතියම් වල දැනට මුහුදු පතුල හා සාගර කලාප වල යම් යම් වෙනස් කම් ඇති බවද නාවික හමුදාව කියයි.
කුඩා යාත‍්‍රා මගින් එකෝ සවුන්ඩර් මගින් ශබ්ද තරංග මගින් මුහුදු පතුලේ ගැඹුර මැනීම සිදුකර බවද නාවික හමුදාව කියයි.
යුද සමයේ නාවික හමුදා සාමාජිකයන් යුද කටයුතු යොමුවීම හේතුවෙන් මෙම අවශ්‍යතාවන් ඉටුකර ගැනීමට නොහැකි වු බවත් ඒ හේතුවෙන් මෙම කටයුතු නාරා අයාතනය පැවරී තිබු බවද නාවික හමුදාව සඳහන් කරයි.
යුද්ධය නිමා වීමෙන් පසු සාගර කලාපයේ නාවික කටයුතු පහසු කිරීමට හා යාත‍්‍රාවන් අනතුරක නොවැටී ආරක්ෂිතව යාත‍්‍රාකරවීම පහසු කිරීම සඳහා මෙම සිතියම් වැදගත් වන බවද නාවික හමුදාව සඳහන් කරයි.
ජල මානක විද්‍යා අංශය මගින් සිතියම ගත කළ ප‍්‍රථම සිතියම ප‍්‍රධාන ජල මානක විද්‍යා නිලධාරි රියර් අද්මිරාල් සිසිර ජයකොඩි මහතා විසින් පසුගියදා නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා වෙත නාවික හමුදා මුලස්ථානයේ දී ප‍්‍රදානය කර තිබුණි.

2025 නොවැම්බර් මස 21
289
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
321
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1249
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
කච්චතිව් දුපත හා ඒ අවට නාවික හමුදාව සිතියම් ගත කරයි