දිවයින පුරා රජයේ ඖෂධවේදීන්ගේ සංගමය අද (1) ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන් රෝගීන්ට සිදුවන අපහසුතාවය මගහැරවීම සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සියලුම ඔසුසල් වලින් නොමිලේ ඖෂධ නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.
රජයේ රෝහල්වලින් බාහිර හෝ අභ්‍යන්තර ප්‍රතිකාර ලබාගත් රෝගීන්ට වෛද්‍යවරයා නිකුත් කළ ඖෂධ වට්ටෝරුව ඔසුසල්වලට ඉදිරිපත් කිරීමෙන් මෙලෙස නොමිලේ ඖෂධ ලබාගැනීමට හැකියාව ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එචි.එම්.එම් රූමි මහතා ප්‍රකාශ කරයි.
ජනතාවට නිදහස් සෞඛ්‍ය සේවාව නිසි අයුරින් ලබාදීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම තීරණය ගත් බව ද කළමණාකාර අධ්‍යක්ෂවරයා අවධාරණය කර සිටියි.
COMMENTS
ඊළඟ ආණ්ඩුවෙන් FCID යන්න වෙන වැඩක්...එහෙම බලයක් නැහැ නියෝග කරන්න..
එහෙනම් කමක් නෑ. මෙයාලට හැමදාම ස්ට‍්‍රයික් කරන්න කියන්න.
අද දින ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි රෝගීන්හට මෙම වැඩ වැරීම නිසා මුහුණ පෑමට වූ අසහනකාරී තත්ත්වයෙන් මුදවා ගැනීමට ගරු අමාත්‍යතුමන් ගත් ක්‍රියාමාර්ගය ඉතා ප්‍රසංශාත්මකව අගය කල යුතු ය.
මෙන්න වටිනා වැඩක් කරලා, රට සහ රටේ ජනතාව පීඩාවට පත් කරන අයගේන් ලෙඩුන් බේරා ගැනීමට.
ඖෂධවේදීන්? අම්මෝ මම ගම්පහ ලොකුම රෝහලක පෝලිමේ ඉඳල බෙහෙත් ගත්තා. එක බෙහෙතක් තිබුනේ නෑ. ඒ කොයි එකද අහන්න ගිහින් ඒ අමනුස්සය මගේ ඇඟට කඩා පැනපු හැටි. මොවුන් වැඩි දෙනෙක් හැසිරෙන්නේ තමන් වෛද්‍යවරුන්ටත් වඩා බොහොම ඉහලින් ඉන්න ගානටයි.
වර්ජකයින්ට මහජනයාගේ සුභ පැතුම් නවත්වන්න එපා. දිගටම වර්ජනය කරන්න.