( තිළිණි ද සිල්වා )
පසුගිය දිනවල බලපෑ ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාව මුදාගැනීමේ මෙහෙයුම් සඳහා ඔස්ට්‍රේලියා රජයෙන් නවීන පහසුකම්වලින් සමන්විත යාත්‍රා දහයක් අද (1) මෙරටට නිල වශයෙන් පරිත්‍යාග කැරිණි.
කොළඔ වරාය රංගල නාවික කඳවුරු පරිශ්‍රයේදී මෙම බෝට්ටු දහය ඔස්ට්‍රේලියා මහ කොමසාරිස් බ්‍රයිස් හචීසන් මහතා විසින් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට නිළ වශයෙන් භාර දුන් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
අධික වර්ෂාව නිසා ඇතිවූ ගංවතුර හේතුවෙන්, විපතට පත් ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදුවෙන අතර ඔවුන් බේරා ගැනීමට සහාය වන ලෙසට ශ්‍රී ලංකා රජය එරටින් ඉල්ලා තිබිණි.එම ඉල්ලීම සලකා බලමින් ඔස්ට්‍රේලියානු රජය විසින් මෙම යාත්‍රා දහය ලබා දෙන ලදී.
මේ අතර මෙරට ආපදා සහන සේවා කටයුතු වෙනුවෙන් සිංගප්පූරු රජය විසින් ඇමෙරිකානු ඩොලර් ලකෂයක මූල්‍යාධාර සහ දකුණු කොරියා රජය විසින් ඇමෙරිකා ඩොලර් තුන් ලක්ෂයක් වටිනා සහනාධාර තොගයක් පිරිනැමීට පියවර ගෙන ඇත.
ඔස්ට්‍රේලියා පරිත්‍යාගයක් මත ලැබුණු නවීන පහසුකම් සහිත යාත්‍රා දහය කොළඔ වරාය රංගල නාවික කඳවුරු පරිශ්‍රයේදී අද (01) ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් බ්‍රයිස් හචීසන් මහතා ( Bryce Hutchesson) විසින් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට නිළ වශයෙන් භාර දුන් අයුරු ඡායාරූපයේ දැක්වේ. නාවික හමුදාපති වයිෂ් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණවර්ධන මහතාද මෙහි වෙති.





(ජායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය ඇසුරෙනි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් කාලෝචිත පරිත්‍යාගයට ඔස්ට්‍රේලියානු රජයට ස්තුතිවන්ත වෙමු. මෙවැනි යාත්‍රා අපේ රබර් වලින් ලංකාවේම නිපදවිය හැකිදැයි සොයා බැලිය යුතුයි.
යාත්‍රා රටින් ගෙනාපු නිසාවත් සුද්දාගෙන් ලැබුණු නිසාවත් එව්වට නවීන යාත්‍රා කියන්න එපා. එව්වා අලුත්ම අලුත් එව්වා තමයි. නමුත් නිකන්ම නිකන් බෝට්ටු.
ඔස්ට්‍රේලියාව දුන්න එක අගයන අතරම,අපේ ඇමතියෙක් ගේ වාහනයක් විකුණුවොත් මෙවැනි බෝට්ටු කීයක් ගන්න පුලුවන්ද
අපේ නාවික හමුදාපතිතුමා නිසා තමයි මේවා කෙරෙන්නේ...