IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඕස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වූ එල්.ටී.ටී.ඊ සැකකරුවෙක් එරටින් පිටුවහල්

තිළිණි ද සිල්වා
 
ඕස්ටේ‍්‍රලියාවේ සරණාගත භාවය ඉල්ලා සංක‍්‍රමණය වූ එල්.ටී.ටී.ඊ සැකකරුවෙකු එරටින් පිටුවහල් කර යළි ශ්‍රී ලංකාවට එවීමට එරට බලධාරීන් තීන්දු කර ඇතැයි ගාඩියන් පුවත්පත් අද (13) වාර්තා කළේය.
 
මෙලෙස යළි දිවයිනට එවීමට තීන්දු කර ඇත්තේ ශාන්තා රූබන් නැමැති එල්.ටී.ටී.ඊ සැකකරුවෙකි.මොහු ලබන 22 වැනිදාට පෙර එරටින් පිටුවහල් කිරීමට එරට බලධාරීන් තීන්දු කර තිබේ. 
 
ඉකුත් 2012 වසරේදී ශ්‍රී ලාංකික සරණාගතයෙකු ලෙසින්  ඕස්ටේ‍්‍රලියාවට පැමිණි මෙම සැකකරු එරට රුඳී සිටීමට සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය ලබා දුන් අවසරයද ප‍්‍රතික්ෂේප කරමින් මොහු පිටුවහල් කරනු ලැබ ඇත.
 
එරට සරණාගතභාවය ඉල්ලා මෙම එල්.ටී.ටී.ඊ සැකකරු යොමුකළ අයදුම් පත වසර දෙකහමාරට ආසන්න කාලයක්  ඕස්ටේ‍්‍රලියා දේශසීමා සහ ආගමන විගමන බලධාරීන්ගේ විමර්ශනයට භාජනය වී ඇති අතර අදාළ අයදුම්පත යොමු කිරීමේදී මොහු එල්.ටී.ටී.ඊ සංවිධානය හා එක්ව කටයුතු කළ බව සඟවා ඇතැයිද සඳහන් වේ. 
 
ඕස්ටේ‍්‍රලියානු සරණාගතභාවය ලබා ගැනීමට ලංකාවේදී තමන්ට වද හිංසාවන් එරට සිදුවන බවට සඳහන් කරමින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ගෙන් ලිපියක්  ඕස්ටේ‍්‍රලියානු බලධාරීන්ට ඉදිරිපත් කර ඇත. 
 
 
 
පසුව එරට දේශසීමා සහ ආගමන විගමන බලධාරීන් සිදු කළ පරීක්ෂණ වලින් එමඟින් තහවුරු වී ඇත්තේ ඔහු එල්.ටී.ටී.ඊ සංවිධානයට අයත් මුහුදු බලකා සාමාජිකයෙකු වශයෙන් කටයුතු කර ඇති බවද සඳහන් වේ.මෙම ලියකියවිලි ඉදිරිපත් කරමින් එරට රුඳී සිටීමට සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය හරහා තාවකාලික අවසරයක්ද 2015 වසරේදී සැකකරු ලබා ගෙන තිබිණි.
 
මෙම සැකකරු කරුණු වසන් කරමින්  ඕස්ටේ‍්‍රලියාවේ සරණාගතභාවය ඉල්ලීම නිසා ඔහු ඉදිරිපත් කළ අයදුම්පත ප‍්‍රතික්ෂේප කරමින් මොහුව එරටින් පිටුවහල් කිරීමට අදාළ බලධාරීන් තීන්දු කර ඇත.



අදහස් (3)

ඕස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වූ එල්.ටී.ටී.ඊ සැකකරුවෙක් එරටින් පිටුවහල්

Nuwan Tuesday, 13 February 2018 01:42 PM

පේනවා නේද මෙවැනි රටවල නීතියේ සාධාරණත්වය කොතරම් ඉහලද කියලා. යුරෝපය කොටියට සහය දෙනවා ලංකාවට එරෙහි කුමන්ත්‍රණ කරනවා කියල පොඩ්ඩ ඇත්නම් කෑගහන අපේ අය දැක්කද හරි සාක්ෂි මත වහාම තම තීරණය නිවැරදි කරගත්ත හැටි.

:       0       0

menna Tuesday, 13 February 2018 02:15 PM

ඕස්ටේ‍්‍රලියාවටත් එපානම්, ලංකාවේ අපිත් එක්ක එකට ඉන්න විදිය උගන්නලා ගන්න වෙනවා. ඕස්ටේ‍්‍රලියාවට ගිහිල්ලා ඉන්න ඉංග්‍රීසි විභාග ගොඩක් කරන්න වෙනවා. ලංකාව ඕස්ටේ‍්‍රලියාවට වඩා නිදහස තියෙන රටක්. එක රැකගත්තොත් හොඳයි.

:       0       0

Channa Tuesday, 13 February 2018 07:45 PM

කරුණු වසන් කල නිසා නෙවෙයි කරපු විනාසය නිසා කිසිම රටකට ගෙන්වා ගන්න හොඳ නැහැ. මේගොල්ලන් මෙහෙත් ලංකාව ගැන බොරු කියාගෙන අනුන්ගේ බදු මුදල් වලින් කාලා බිලා සැපට ඉන්නවා.

:       0       108

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 152 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 772 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site