(මනෝප්‍රිය ගුණසේකර)
තමා සහ සිඩ්නි ජයසිංහ මහතා එක්ව ලංකාවේ යකඩ කර්මාන්ත ශාලාවක් කරගෙන ගිය බවත් එහි සේවකයින් 400ක් අතර උදය ගම්මන්පිල මහතා ද සිටි බවත් ගම්මන්පිල මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්කි දෙමින් ඔස්ටේ‍්‍රලියානු ජාතික බ්රැඩ් සැඩික් මහතා
කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා හමුවේ කියා සිටියේය.
ඕස්ටේ‍්‍රලියානු ඩොලර් ලක්‍ෂ දෙකක මුදල් කිසිවකු විසින් හෝ වංචනික ලෙස ලබා ගෙන ඇති බව පෑන් ඒෂියා බැංකුවේ නිලධාරීනියක් තමාට දැනුම් දුන්නේ යැයිද මෙම නඩුව වෙනුවෙන්ම සාක්කි දීමට ඕස්ටේ‍්‍රලියාවේ සිට ලංකාවට පැමිණි බ‍්‍රැඞ් සැඩික් මහතා වැඩිදුරටත් පැවසීය.
අධිකරණයෙන් නිකුත් කර තිබු සිතාසි විදේශ කටයුතු අමාත්‍යංශය හරහා ඔවුන්ට බාරදී තිබු අතර ඒ අනුව මෙම නඩුවේ සාක්කිදීම සඳහා බ‍්‍රැඞ් සැඩික් මහතා මෙන්ම ඔහුගේ බිරි`ද වන ජේ. සැඩික් මහත්මියද අධිකරණයට පැමිණ සිටියාය.
මෙම නඩුව කැදවනු ලැබු අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් ඔයා බණ්ඩාරගමයව කවද්ද එල්ලන්නේ ?