තරිදු ජයවර්ධන
පේරාදෙණිය පොලිස් ස්ථානාධිපතිගේ කාර්යාලයේ මේස ලාච්චුවේ තිබූ පොලිස් සටහන් පොතක් අතුරුදන්වීම සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් දැනුම් දෙන ලෙස පොලිස්පති අණදෙන තොරතුරු කොට්ඨාසයේ කාර්යභාර නිලධාරීවරයා අද (16) සියලුම පොලිස් ස්ථාන වෙත ලිඛිතව දැනුම් දී තිබේ.
පේරාදෙණිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ කාර්යාලයේ මේස ලාච්චුවේ තිබී එසේ අතුරුදන් වී ඇත්තේ තාවකාලික රියදුරු බලපත්‍ර පොතයි.
ස්ථානාධිපතිවරයාගේ කාර්යාලයේ මේසයේ දකුණු පස ලාච්චුවේ එය දමා තිබූ බව පොලිසිය කියයි.
එම පොතේ ස්ථානාධිපතිවරයාගේ නම සහිත නිල මුද්‍රව තබා තිබුණු බවත් පොලිසිය සඳහන් කරයි.
මෙම තාවකාලික රියදුරු බලපත්‍ර පොත යම්කිසි නීති විරෝධී කටයුත්තක් සඳහා භාවිත කළ හැකි බැවින් ඒ සම්බන්ධයෙන් සොයා බලා යම් තොරතුරක් වෙතොත් දැනුම්වත් කරන ලෙස පොලිස්පති අණදෙන තොරතුරු කොට්ඨාසයේ කාර්යභාර නිලධාරීවරයා අද (16) සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට, දිස්ත්‍රික් භාර නිලධාරීන්ට, අධයක්ෂවරුන් සහ කොට්ඨාස භාර නිලධාරීන්ට ලිඛිතව දැනුම් දී තිබේ.
අතුරුදන්වූ තාවකාලික රියදුරු බලපත්‍ර පොතේ අංක ඒඒ/19-768401 සිට ඒඒ/99-768450 බව පොලිසිය පවසයි.
මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුනසේකර මහතා ප්‍රකාශ කළේ එම සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර සහකාර පොලිස් අධිකාරීවරයකු විසින් විමර්ශනයක් ආරම්භ කරනු ලැබ ඇති බවයි. එම විමර්ශනයෙන් පසු ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු සරණයි පොලිසියටත් දෙවි පිහිටයි..
අප අවංක පොලිස් නිලදරුවන්ට අපහ කරනවා නොවේ නමුත් මහජනතාවගේ ආරක්ෂාවට සිටින මෙන්ම මහජන මුදලින් වැටුප් ලබන ආයතනයක මෙවන් සිදුවීමක් උනා යනු එම ස්ථානයේ නිලධාරීන් තම තමන්ගේ නිල ඇදුම් උනා දමා දෙහි ගසක රදවා තබා යාම වඩාත් යෝග්‍ය බව කිව යුතුය. මෙම නිලදාරීන් මහජන සේවයට කිසි සේත්ම නුසුදුසු බව මෙමගින් මනාව පැහැදිලිවේ.