IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


ඒඩ්ස් හංවඩුවෙන් බැටකෑ සිසුවියට නව පාසලක්

ඩයනා උදයංගනී 
 
ඒඩ්ස් රෝගය වැළඳී ඇති බව   පාසල් අධ්‍යාපනය අහිමිව පසුගිය කාලයේ දැඩි සමාජ පීඩනයට ලක්ව සිටි ගණේමුල්ල ප‍්‍රදේශයේ පාසල් සිසුවියට  අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මැදිහත්වීමෙන් අද (18) නව ජාතික පාසලක් හිමිවිය.

 
සමාජ සවිබලගැන්වීම් හා සමාජ සුබසාධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා   එම දැරිය අධ්‍යාපන අමාත්‍යවරයා වෙත යොමු කරවීමෙන් අනතුරුව අධ්‍යාපන ඇමතිවරයා මෙම පියවර ගෙන තිබේ.
 
එම පාසල් සිසුවියට ඒඞ්ස් රෝගය වැළඳී ඇති බව පවසමින් ඇයට පාසල් බලධාරීන් විසින් පරිභව කර ඇති බවට ද පසුගිය දිනවල වාර්තා වී තිබිණි. මෙම දැරියගේ භාරකරුට ද ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් අනුව ගැළපෙන රැකියාවක් ලබාදීමට පියවර ගන්නා බව දැරිය හමුවූ අවස්ථාවේ අධ්‍යාපන ඇමතිවරයා පැවසීය. 
 
එමෙන්ම දරුවන්ට මෙවැනි අසාධාරණකම් ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව කී අමාත්‍යවරයා ඇතැම් අධ්‍යාපන බලධාරීන් විසින් සිදුකරනු ලබන  ක‍්‍රියා පිළිබඳව තමන් කණගාටුව පළ කරන බවද කීවේය. පළාත් පාසල් අධ්‍යාපන බලධාරීන් විසින් පළාත් මට්ටමින් සිදුවන මෙවැනි සිදුවීම් කළමනාකරණය කිරීමට සක්‍රීයව මැදිහත් විය යුතු බවත්, ඒවා ජාතික තලයට ගෙන ඒමට කටයුතු නොකළ යුතු බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය.
 
මෙවැනි සිදුවීම් හේතුවෙන් දරුවන් මුහුණ දෙන ගැටලූ ද විසඳීමට හැකි වන පරිදි ස්වාධීන සුපරීක්ෂණ මණ්ඩලයක් පත්කරන බව කී අමාත්‍යවරයා දිවයිනේ සියලූ රජයේ  පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල් එම ස්වාධීන සුපරීක්ෂණ මණ්ඩලය තුළින් නියාමනයට ලක් කිරීමට කටයුතු කරන බවද කීවේය.



අදහස් (10)

ඒඩ්ස් හංවඩුවෙන් බැටකෑ සිසුවියට නව පාසලක්

Mahee Wednesday, 18 April 2018 02:29 PM

මේ වගේ සිදුවීම් කීපයක්ම මීට පෙර සිදුවුණා. එකම දේ නැවත නැවත ඒ ආකාරයෙන්ම සිදුවෙන එකනේ පුදුමේ කියන්නේ. නූගත් පාසල් බලධාරීන් දරුවන්ව පාසලෙන් එළවනවා. දෙමව්පියෝ දරුවට පාසලක් ඉල්ලලා ගේට්ටු ළඟ උපවාස කරනවා. මාධ්‍යවලින් පෙන්නුවට පස්සේ ඇමතිට ඇහැ ඇරෙනවා. මොකක් හරි පාසලක් දරුවට හොයල දෙනවා. කතාව එතනින් ඉවරයි. තව මාස කීපයකින් ඔයදේම නැවත සිද්ධ වෙයි. මේවට ස්ථිර විසඳුමක් දෙන්න තරම් ඕනෑකමක් එකෙකුටවත් නැති එකනේ පුදුමේ....

:       65       237

සතයපාල Wednesday, 18 April 2018 02:30 PM

ඒ දරුවට ජාතික පාසලක් ලබා දෙනවට වඩා වැදගත් දේ තමයි, මෙවැනි අසාධාරණ ක්‍රියා සමාජයෙන් පිටු දැකීම සඳහා ක්‍රියාකිරීම... විශේෂයෙන්ම මේ ක්‍රියාවට සම්බන්ධ විදුහල්පතිවරයා ඇතුලු කාර්යමණ්ඩලය සම්බන්ධයෙන් විනය පියවර ගැනීම අනිවාර්යෙන්ම කළයුතුයි.

:       10       717

Pathiraja Wednesday, 18 April 2018 03:19 PM

මම මේ දිහා බලාගෙන හිටියා මොනවද වෙන්නේ කියලා? හරිම සංවේදී සිදුවීමක්... අකිල කියන්නේ උගත් පළපුරුද්දක් තියන මහත්මයෙක්. බොහෝ දේවල් දිහා සංවේදී විදියට බලනවා. ඔහු ඔහුගේ අාසනයේද ගොඩක් වැඩ කරන කෙනෙක්. මම අවුරුද්දට ගමේ ගියාම මගේම මල්ලි වෙන කෙනෙක් ඔහුව ප්‍රශංසාවට ලක්‌කර සිටියා..

:       284       319

සඳුන් Wednesday, 18 April 2018 03:20 PM

රන්ජන් වගේ සංවේදී එක පුද්ගලයෙක් හෝ එජාපයේ ඉන්න එක හොඳයි. අධ්‍යාපන ඇමතිතුමා ඇතුලු අධ්‍යාපන බලධාරීන්ට ඒඩ්ස් රෝගී දරුවකු හෝ රෝගියක් සිටින නිවසක දරුවකු රහස්‍ය භාවයකින් කලමනාකරණය පිළිබඳ නිසි අවබෝධයක් තිබිය යුතුයි. මෙයින් රෝගය පාලනය කිරීමටත් සමාජ කැලලකින් දරුවාගේ අනාගතය රැක ගැනීමටත් හැකිවෙනවා. සෞඛ්‍ය ඇමතිතුමා වෛද්‍යවරයෙක් වන නිසා මෙයට නිසි පියවරක් ගත්තොත් හොඳයි.

:       100       333

Farah Wednesday, 18 April 2018 05:03 PM

අනේ මන්දා... රටේ වැදගත් කියලා සැලකෙන හැම තැනක්ම ඉන්න එවුන් ගැන හිතනකොට හරියට කළ කිරෙනවා. පාසල්, රෝහල්, විශව විද්‍යාලවල්, අධිකරණය, පාර්ලිමේන්තුව මේ හැම තැනකදීම සිදුවෙන්නේ විකාර තමයි. උගත්කමටයි, නමටයි සල්ලි හම්බ කරන්න විතරයි.

:       0       3

vidya Wednesday, 18 April 2018 05:20 PM

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට වගකීමක් තියෙනවා අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් සමග එකතුවෙලා ගුරුවරුන්ටත්, ළමයින්ටත් මෙම රෝග පිළිබඳව අවබෝධයක් දෙන්න. එ්ඩ්ස් රෝගය, උණ, හෙම්බිරිස්සාව වගේ බෝවෙන රෝගයක් නෙමේ.

:       0       3

kalpa Thursday, 19 April 2018 01:03 AM

ළමා කටයුතුවල යෙදෙන නිලධාරි, ළමා රක්ෂණ අධිකාරිය වගේ බලයක් තිබෙන අය මේවා ගැන නිහඩයි ඔවුන් මේවා ගැන ලිඛිත පැමිනිලි එනකම් බලා ඉන්නවද සොයා බලන්න

:       0       1

KANDEPOLA Thursday, 19 April 2018 03:43 AM

මෙවැනි අමනොඥ මිනිස්සු පාසල්වල රාජකාරී කරනකොට ඔවුන් යටතේ අධ්‍යාපනය ලබන මතු පරපුරට අත්වෙන ඉරණම සම්බන්ධයෙන් බලධාරීන් අනුගමනය කරන විසදුම් පිළිවෙත මොකක්ද? ළමයට පාසලක් සොයාදීම හොඳ දෙයක්. නමුත් මෙවැනි පහත් ක්‍රියා සිදුකල පාසලේ විදුහල්පති ඇතුළු ටිකට දඬුවම් කල යුතුයි රටේ මෙවැනි දේවල් ආපසු නොවෙන්න.

:       0       3

janahitha Thursday, 19 April 2018 04:52 AM

හොඳ විසදුමක්. ස්තුතියි, අගය කරමි. මේ ටිකත් කලොත් ඉතාමත්ම වටිනවා. මේ සිද්දියට වගකිව යුතු සියලුම ගුරුවරු දුරබැහැර පළාත් වල පාසල් වලට අනිවාර්ය වසර පහකට වහාම මාරු කලොත් ඉදිරියේදී කවුරුත් මේ පාඩම ඉගෙන ගනියි.

:       0       7

shan saudi Monday, 23 April 2018 06:47 AM

ඒ දරුවට ජාතික පාසලක් ලබා හොද කටයුත්තක් වනවා මන්ද මේ දරුවට මේ පාසලේ ඉගෙනීම සදහා හොද පරිසරයක් නොමැති වේම නිසා වැදගත්ම දේ තමයි මෙවැනි අසාධාරණ ක්‍රියා සමාජයෙන් පිටු දැකීම සඳහා ක්‍රියාකිරීම... විශේෂයෙන්ම මේ ක්‍රියාවට සම්බන්ධ විදුහල්පතිවරයා ඇතුලු කාර්යමණ්ඩලය සම්බන්ධයෙන් විනය පියවර ගැනීම අනිවාර්යෙන්ම කළයුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30765 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12780 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10923 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 818 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 245 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 894 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site