අද පැවැති පාර්ලිමේන්තු සැසිවාරයේ දී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී පිරිසක් සභාව මැදට පිවිසීම හේතුවෙන් පාර්ලිමේන්තුව කල් තැබීමට කතානායකවරයා පියවර ගත්තේය.
20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සංශෝධන සහිතව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර ඒ සමග ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී පිරිස සභාව මැදට පැමිණ නොසන්සුන්කාරී ලෙස හැසිරීම නිසා සභාව විනාඩි 12කට කල් තැබිණි.
COMMENTS
වාහනයක් නිසා පාරක් අවහිර කලත් නීතියෙන් දඩ නියම වෙන රටේ , මුළු රටම පාලනය වන පාර්ලිමේන්තුවේ වැඩ අවහිර කර සතුන් සේ හැසිරුනාම කිසිම නීතිමය පියවරක් ගන්න බැරිද ? උත්තරීතර කියන්නේ මේකටද ?
ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් අංගොඩට යවමු.
එ්කාබද්ධයේ මන්ත්රීවරුනි, මේ හැසීරීම පාර්ලිමේන්තු සම්ප්‍රදායට හොඳ නෑ නේද?
නැවත ආණ්ඩු බලය බලාපොරොත්තු වෙන්නේ මේ වගේ අයද?
බලාගෙන යනකොට; ඔක්කොම හොරු, වංචාකාරයෝ, බොරුකාරයෝ, රස්තියාදුකාරයෝ ඉන්නේ දියවන්නවෙනේ!! ඉතින් කොහොමද අපේ මේ රට හදන්නේ? අනේ හපොයි කවදා මෙයාලව පත්කරන අයගේ මොලේ පැදෙයිද දන්නේ නැහැ.
මෙතන ඒකාබද්ධයේ ප්රශ්ණයන් නොවේ තියෙන්නේ. ව්‍යවස්ථා විරෝධි ලෙස ආණ්ඩු පක්ෂය කටයුතු කිරීමට දක්වන විරෝධයක් මෙතන තියෙන්නේ. දැන ගෙන කතා කරන්න
කුලල් කා ගන්නවා හැර ඔවුන් වෙන මොනවද දන්නේ? රටේ ඉන්න මන්ද බුද්ධිකයින්ට මේවා බලලා චූන් වෙනවා හැරෙන්න, වෙන මොනවා කරන්නද?
පාර්ලිමේන්තුවට මෙවැනි අය යවන්න එපා. රට දියුණු කරන වැඩපිළිවෙළ දැන්මම කියන්න. අපි සාකච්ඡා කරමු. එක පවුලකින් එක දිස්ත්‍රික්කයකට එක් අයෙකුට සීමා කරමු.
මෙතැන නඩත්තු කරන්න යන වියදමින් හරක් පට්ටියක් දැම්මා නම් අනාගත පරපුරට පිරිසිඳු එළකිරි ටිකක් දෙන්න තිබුණා.
දවසින් දවස ඡන්දය කල් දාන්න. උප්පරවැට්ටි හොයන ආණ්ඩුවක විපක්ෂයේ කාර්යභාරය විය යුත්තේ අවශ්‍ය තැන් වලදී විරුද්ධ වීම මිසක් ජනතා විරෝධීදේට කඩේ යාම නෙමෙයි මහත්වරුනි,...
කරුණාකර ඔයාලගේ ලයික් /ඩිස්ලයික් හරියට සෙට් කරන්න. එක කමෙන්ට් එකකට ලයික් එකක් දැම්මම අනෙක් පැත්තට 100 ක් විතර ස්වයංක්‍රීයව වැටෙනවා.