IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


එම්.ජි.ධනුෂ්ක ලක්ෂ 10 ක බැඳුම්කරයක් මත නිදහස්

(නිමන්ති රණසිංහ)
 
ප‍්‍රසිද්ධ බයිලා ගායන ශිල්පී එම්. එස්. ප‍්‍රනාන්දු මහතාගේ ගීත මින් ඉදිරියට අවසරයකින් තොරව වසර 3ක කාලයක් මහජනතාව වෙනුවෙන් හෝ ප‍්‍රසිද්ධ වේදිකාවක හෝ ගායනා නොකළ යුතුයැයි කොන්දේසියක් පනවමින් ජනපි‍්‍රය ගායක එම්. ජී ධනුෂ්ක මහතා රුපියල් ලක්ෂ 10ක බැදුම්කරයක් මත නිදහස් කිරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අද (12) නියෝග කළේය.
 
විත්තිකරු ගායකයකු වීම, කලාකරුවකු වීම, ඔහුගේ වයස, අගයතියට පත් පාර්ශවයට රුපියල් ලක්ෂ 3ක් ගෙවීම සහ ප‍්‍රසිද්ධ බයිලා ගායක එම් එස් ප‍්‍රනාන්දු මහතාගේ ගිත ගායනා කිරීමට හේතු වූ පසුබිම යන කරුණු සළකා බලා අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනතේ 306 වගන්ති ප‍්‍රකාරව සිද්ධියට අදාළව වරදකරු නොකොට කොන්දේසි මත නිදහස් කිරීමට අධිකරණය එලෙස නියෝග කළේය.



අදහස් (8)

එම්.ජි.ධනුෂ්ක ලක්ෂ 10 ක බැඳුම්කරයක් මත නිදහස්

Nandalal DE SILVA - France Monday, 12 June 2017 01:33 PM

එතකොට අවුරුදු තුනකට පස්සේ එයාට ඕනෑම ගායකයෙකුගේ ගීත ප්‍රසිද්ධියේ ගයන්න අවසරද? දන්නේ නැති නිසයි ඇහුවේ, ආයුබෝවන් .....

:       4       48

ධම්ම Monday, 12 June 2017 01:56 PM

මට නම් මේක තේරුම්ගන්න හරි අමාරුයි. අප වේදිකාවේ දකින්නේම අනුන්ගේ සින්දු කියන අය. අහන්නේම අනුන්ගේ සින්දු. ඒ අයට මොන හෙනයක්වත් නැහැ. මෙතුමා දුප්පතෙක් නිසාද මේ කරදර....

:       204       165

පිටිගල මිලානෝ Monday, 12 June 2017 06:09 PM

මොහු හොඳ ගායන හැකියාවක් ඇති තරුණයෙක්. සමහර ප්‍රබුද්ධයන්ට වඩා චරිතවත් විධියට ජීවත් වෙනවා.

:       0       1

akshin , Monday, 12 June 2017 06:50 PM

පුත්තුන්ට සින්දු කියන්නත් බෑ ,කියන කෙනකුට ඉඩ දෙන්නෙත් නෑ ,

:       0       2

ලුම්බිණි Tuesday, 13 June 2017 02:43 AM

එම්. එස්. ප‍්‍රනාන්දු මහතාගේ ගීත ගායනා කිරීම තුලින් මෙම ගායකයා අමතක වෙමින් යන කළා කරුවෙකු නැවත මතු කිරීමකුත් කරනවා නේද?

:       0       1

Jagath Tuesday, 13 June 2017 03:06 AM

මිනිස්සුන්ට අමතක වෙලා හිටපු බයිලා චක්‍රවර්ති අපහු මතක් කරලා දුන්නේ MG හරිනම් මෙයාට කියක් හරි දෙන්න ඕන ඒකට. මේක තනිකරම කුහක කම අවාසනාව.

:       0       1

senu Tuesday, 13 June 2017 10:59 AM

දේශපාලකයොත් වැරදි කරන මේ සමාජයේ දුප්පත් අපිට ඉන්න වෙලා තියෙන්නේ හැමදේටම ඔලුව නමාගෙන.

:       0       1

Nandalal DE SILVA - France Tuesday, 13 June 2017 11:39 AM

දැනට දැඩි කතාබහට, ඒවගේම ජනාධිපති කොමිසමක් ඉදිරියේ තිබෙන බැඳුම්කරයක් වගේ එකකටද මෙයාත් යටත් කරේ ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site