නිමන්ති රණසිංහ සහ මනෝප්‍රිය ගුණසේකර
වැලිකඩ රැඳවියන් ඝාතනය විමේ සිද්ධියට අදාළව තවත් පුද්ගලයන් 12 දෙනෙකුගේ දුරකථන විස්තර ලබා ගැනීම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නේය.
එසේම මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරික්ෂක නියෝමාල් රංගජිව යන අය තවදුරටත් ලබන 3 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
සිද්ධියට අදාළව රජයේ රස පරික්ෂකවරයාට බාර දී තුළ අවි ආයුධ සම්බන්යෙන් එහි කොටස් විද්‍යාත්මකව වෙන් කළ යුතු බවත් ඒ සම්බන්ධයෙන් නියෝගයක් ලබා දෙන ලෙසට අධිකරණයට ඉල්ලීමක් කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.