(කැලුම් බණ්ඩාර)
ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම (එට්කා) සම්බන්ධයෙන් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන සිව්වැනි නිල සාකච්ඡාව අද (24) නව දිල්ලියේදී පැවැත්වීමට නියමිත බව බලධාරීහු පවසති.
එට්කා ගිවිසුම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර පැවැත්වෙන සිව්වැනි සාකච්ඡාව මෙය බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යංශ ලේකම් චාන්දනී විජේවර්ධන මහත්මිය ප්‍රකාශ කළාය.
මෙම සාකච්ඡා දින තුනක් පැවැත්වෙන බවත් අප්‍රේල් 26 අවසන් වනු ඇති බවත් ඒ මහත්මිය පවසයි.මේ වන තෙක් මූලික යෝජනා ගැන පමණක් සාකච්ඡා සිදු වූ බවත් කිසිවක් අවසන් වශයෙන් තීරණය නොවනු ඇතැයි ද ඒ මහත්මිය කියයි.
(ඩේලිමිරර් ඇසුරෙනි-042)
COMMENTS
ඉන්දියන්කාරයෙක් තමන්ගේ රටේදී අමාරුවෙන් හෝ වැසිකිලියක් හොයාගත්තත් රස්සාවක් හොයාගන්න එක ලේසි නැහැ. ලිපිකරුවෝ 1000ක් ගන්න අයදුම්පත් කැදෙව්වම මිලියනයක් විතර ඉල්ලුම්කරනවා. ඒක එතරම්ම උග්‍ර ප්‍රශ්නයක්. ඒකට හේතුව තමයි පඳුරකට පයින් ගැහුවත් උපාධිකාරයෙක් දෙන්නෙක් විසිවෙනවා. ඒගොලන්ගේ උපාධිය අපේ ඕ.එල් තරම්වත් වටින්නේ නැහැ. හතු පිපෙනවා වගේ බිහිවෙන පුද්ගලික විශ්වවිද්‍යාල ඒකට ඒක හේතුවක්. (මේ යන ආකාරයට අපිත් ඒ තත්වෙට වැටෙන දිනය ඈතක නොවේ). ඔව්න් මේ හදන්නේ අපේ රටේ රැකියා වෙළදපොළ ආක්‍රමණය කරන්න. ඒ වෙනුවෙන් සුළු උදව්වක් කරයි.( ගිලන්රථ ලබාදුන්නා වගේ) නමුත් මේ ගිවිසුම පසුපස තිබෙන සැඟවූ යතාර්ථය ඉතාමත් භයන්කාරයි. රටක්වශයෙන් අපිට ඉතාමත් අහිතකරයි. මොවුන් මේ හදන්නේ තමන්ගේ අමාරුකම් අපේ සම්පත් හරහා පිරිමහගන්න.
අපිට අනවශ්‍ය දෙයකට ඇයි මේ සාකච්ඡා?
දැන් ඔය එට්කා ගිවිසුමේ අඩංගු කරුණු කාරණා මොනවාද? කියලා අනාවරණය කළා නම් අපිටත් තිබුණනේ ඔය ගිවිසුම ගැන සාකච්ඡා කරලා අවබෝධයකට එන්න. අර සුද්දෝ හදලා ගිය ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටිකත් විකුණගෙන කන්න යන පාලකයින් මේ රට විතරක් නෙමේ, රටේ ජනතාවත් විකුණලා දාන දවස වැඩි ඈතක නැහැ. මේ වගේ පාලකයින් ඉන්න තවත් රටක් ලෝකේ තියනවද? සර්ච් කරලා බැලුවට මට නම් තවම හමු උනේ නැහැ..
ඡන්දෙන් දිනන්න ඉන්දියාව කල උපකාර වල කොන්දේසි ඉටු කරන්නත් එපායැ .