(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
පාර්ලිමේන්තු මහමැතිවරණයට අදාල එක්සත් ජාතික පක්ෂයේ ප්‍රචාරක කටයුතු නිල වශයෙන් ඇරඹීම පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මුලස්ථානයේදී අද (28) පස්වරුවේ ආරම්භ කෙරිණි.
නිරෝධායන නීති රීති වලට සහාය දක්වමින් ඩිජිටල් තාක්ෂණය උපයෝගී කරගනිමින් මෙම ප්‍රථම ප්‍රචාරක රැලිය පැවැත්වූ අතර දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් කුඩා රැස්වීම් 200 කට ආසන්න ගණනක ඩිජිටල් තිර මගින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ කතාව සජීවීව විකාශනය කිරීම මෙහි විශේෂත්වය විය.
රුවන් විජයවර්ධන , සාගල රත්නායක , දයා ගමගේ , ජෝන් අමරතුංග ,තිලක් මාරපන ඇතුළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද පක්ෂ ක්‍රියාකාරීන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.






COMMENTS
අයියෝ සල්ලි...
1. එජාපයේ ප්‍රචාරක කටයුතු නිල වශයෙන් පටන් ගෙන තිබේ. මෙවර අගෝස්තු 5 මැතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂය නව දිශාවකට නිවැරදිම යුමු කෙරෙනු ඇත. පක්ෂයේ නායකයාට ප්‍රතිපත්ති තීන්දු ගැනීමට සැමගේ සහාය අවශ්‍යවන අතර එම තීන්දු සහ තීරණ (පක්ෂයේ හෝ රටේ ) ජන ගත කිරීමේ වගකීම පැවරී තිබෙන්නේ මැතිවරණ සදහා ඉදිරිපත්වන අපේක්ෂකයා වෙත වේ. එසේ කිරීමට නොහැකි පුද්ගලයන් පක්ෂ දේශපාලනයට පැමිණීමෙන් වැලකි සිටිය යුතුවේ. එසේ කිරීමට නොහැකිනම් පුද්ගලික අරමුණු වෙනුවෙන්ම දේශපාලනයේ රැදී සිටීමට කිසිදු අවශ්‍ය තාවයක් නොමැත. එක්සත් ජාතික පක්ෂයේ සිටි දේශපාලනය පිළිබද අවබෝදයක් නොමැති සහ මැතිවරණ අවසානයේ ලබන ජය මෙන්ම පරාජයන් සහ පසුබෑම් පිළිනොගැනීමට නොහැකි පුද්ගලයන් දේශපාලනයට සුදුසු නොවේ. එක්සත් ජාතික පක්ෂයට පසුගිය කාලයේ සිදුවුයේ මෙය වේ. එවැනි කණඩායම් යලි නොඑන්නම පක්ෂයෙන් පිටව ගොස් ඇත. එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි මැතිවරණ වලදී ඉදිරි පත්වන සියලුම මෙන්ම විශේෂයෙන් නවක අපේක්ෂකයන් මෙය හොදින්ම වටහා ගත යුතුවේ.
එය පක්ෂයට මෙන්ම පාක්ෂිකයාට කරන හානියකි. ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට ඉදිරිපත්වන අරමුණ කුමක්ද යන්න හොඳින් තේරුම් බේරුම් කොට ගෙන එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනයට සම්බන්ධ වීම වැදගත් වේ. රට වෙනුවෙන් ඉදිරිපත්වන පුද්ගලයන් පක්ෂය ආරක්ෂා කරනවා මෙන්ම තනතුරු සහ පුද්ගලික අරමුණු සඳහා පමණක්ම අපේක්ෂකයන් වන පුද්ගලයින්ගේ අවස්ථාවාදී ක්‍රියාවන් නිසා පක්ෂය විනාශවීම සිදුනොවීමට ඉදිරියේදී කටයුතු කරමු නුදුරු අනාගතයේදී පවත්වන මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂයේ රජයක් පිහිටුවීමේ අරමුණින් ක්‍රියාත්මක විය යුතුවේ. පුද්ගලික අරමුණු උදෙසා එක්සත් ජාතික පක්ෂය තුළ කල්ලි කණ්ඩායම් සැදීම ඉදිරියේදී සිදු නොවනු ඇත.
5 වැනි පින්තූරයේ නායකතුමා දෙපස සිටින දෙදෙනාට කිසිම ජනතා කැමැත්තක් නැහැ. අපේ ගම්මිරිස් මිළ පහලටම බැස්සේ එක් අයෙකුගේ ක්‍රියාවන් නිසායි.
අගමැතිවරු 6ක් ජනාධිපතිවරු 2ක්, 1994න් පසු ජනාධිපති කෙනෙක් පත් නොවූ පක්ෂයක්, (ශ්‍රී .ල. නි .ප ය 1994 න් පසු ජනාධිපතිවරු තුන්දෙනෙක් පත් කරගත්තා) කොහොම තිබුණු පක්ෂයක්ද? මොකද වුනේ?
කෙස් පැලෙන තර්කයි, අනුන්ට මඩ ගැසීමයි, පට්ට කෙබරයි පටන් ගත්තා. මේවා අහන මිනිසුන්ගේ කාලේ අපරාදෙ...