රංජන් කස්තුරි
එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුවක් පිහිටවීම සඳහා මේ වන විට උත්සහයක නිරතව සිටින බව ඇමති මනෝ ගනේෂන් මහතා පැවසීය.
එක්සත් ජාතික පෙරමුණේ පක්ෂනායක වරුන් අද (13) පස්වරු 6.30ට අරලිය ගහ මන්දිරයට කැඳවා ඇතැයිද එහිදී ඒ සම්බන්ධයෙන් අගමැතිවරයා සමඟ එක්ව තීන්දු තීරණ ගන්නා බවද ඇමතිවරයා පැවසීය.
මේ අතර අද දහවල් සිට මේ දක්වා එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් අරලිය ගහ මන්දිරයේ අගමැතිවරයා සමඟ සාකච්ඡා වල නිරතව සිටිති.
COMMENTS
එජාප නායක වෙනසක් අවශ්‍යම මොහොතක්.
සම්මුතිවාදී පාලනයක හොඳක් නොදකින අයට දැන් සනීපද?
අන්න කළොත් වැඩක්... අර අප්පොච්චි මලා කිව්ව ගොයියා කොහාට පනීවිද කියලා බලාගෙන ඉන්නේ...
අනාගන්නයි යන්නේ. 2020 අති විශිෂ්ට ජයක් මහින්දට දෙන්නයි හදන්නේ. එජාපය.
දැන් තියන හොඳම විසඳුම මෙයයි. වහාම මහජන මුදල් හොරා කෑව අයට අධිකරණ ක්‍රියාමාර්ග ගන්න. වැරදිනම් අධිකරණය ඒ අයට දඬුවම් කරයි. නැතිනම් නිදහස් කරයි. ෆයිල් පෙන්න පෙන්නා මෙතෙක් කල විහිළුව දැන්වත් නවතන්න.
ඔහොම යමු!
එජාපය ආණ්ඩුවක් පිහිටුවිම සිය දිවි නසාගැනීමක්. එජාපය නැත්තටම නැතිවෙන්නයි යන්නේ.
පක්ෂ නායකයා විය යුතු සජිත් ප්‍රේමදාස මහතා නියෝජ්‍ය නායක නවීන් දිස්සනයක මහතා පක්ෂයේ අනුසාසක විය යුතු රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂය යනු කවදත් තනි පක්ෂයක් { කලවම් පක්ෂයක් නොවේ }
එජාපය විනාශය කරා ගෙන ගියේ රනිල්. රනිල් වහාම අස්විය යුතුයි.
ආණ්ඩුව කයිවාරු ගැහුවා. ජනතාව තීන්දුව දුන්නා.
නව නායකත්වයක් යටතේ හොඳ ස්ථාවරත්වයක් ගොඩ නගා ගන්න පුළුවන් රජ කෙනෙක් 99 වතාවක් පරාජය වුණා කියනවනේ. මම අදහස් කරන්නේ පක්ෂය ගැන.
මහින්ද රාජපක්ෂ අටවන උගුලේ රනිල් සහ සිරිසේන අත්වැල් බැඳගෙන කොටුවේවි කියා සිතන්න අපහසුයි. එජාප රජයක් තමා මහින්දගේ එකම ප්‍රාර්ථනය. සිරිසේන වටේ ඉන්න බකපණ්ඩිතයන් වගේ නොව මහින්දට උපදෙස් දෙන්නේ ලංකාවේ ඉන්න හොඳම කණ්ඩායමයි. එ්කයි ඔහු කිසි වංචාවකට දූෂණයකට " සාක්ෂි සහිතව" කොටුකර ගන්න අපහසු වෙලා තියෙන්නේ. එජාප රජයක් ඇතිවුනොත් එදාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම දෙනා මහින්දට එකතුවෙන එක අනිවාර්යයි. මහින්ද පොහොට්ටුවේ සාමාජිකත්වය නොගන්නේ ගන්න බැරි නිසා නොවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය මහින්දට ලැබුණොත් මාස 6කින් ආපසු රාජ්‍ය බලය අල්ලා ගැනීමේ ක්‍රමවේදය මහින්ද දැනටමත් සැලසුම් කර අවසන්. එවිට ජනාධිපති පුනපුනා කියන " දූෂිතයින්ට දඬුවම් දීම" ගැන මැරෙන තුරා කියකියා ඉන්න තමා වෙන්නේ.
එජාප ආණ්ඩුවක් පිහිටුවන්න කෝටි ගණන්වලට මැති ඇමැතිවරුන් වෙන්දේසි වෙමින් මේ හදන්නේ ඒජන්ත රනිල් මහතාගේ වුවමනාවක් වන රට බෙදීමේ ව්‍යවස්ථා අටමඟලේ අටවන්න අවැසි මග තනා ගන්නැයි රටට, ජාතියට හොඳක් කරන්න අභිලාෂයෙන් නම් නොවේ...
එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුවක් පිහිටවීම සඳහා 2005 සිටම උත්සාහ කරනවා කොහෙද 30 සැරයක්ම බැරි උනා. බුද්දිමත් මිනිස්සු යමක් වැරදුනාම නැතිනම් පැරදුනාම ඊට් හේතු සොයාබල පිල්යම් යොදා ගන්නවා. මේගොල්ලෝ එහෙම නැහැ එමනිසා දිගටම පරදිනවා.