(නිමල කොඩිතුවක්කු)
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ආසන සංවිධායකවරුන් දෙදෙනෙකු ඇතුලූ හයදෙනෙකු එක්සත් ජාතික පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් ලෙස පත් කර තිබේ.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහමන්දිරයේ අද(11) පැවති උත්සවයකදී මෙම නව අසාන සංවිධායක ධුර පිරිනමනු ලැබීය.
ඒ අනුව හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරනායක ආසන සංවිධායක ලලිත් දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ අරනායක ආසන සංවිධායක ලෙසත් පලාත් සභා හිටපු අමාත්‍යවරයකු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෙංකඩගල ආසන සංවිධායක තිලිණ බන්ඩාර තෙන්නකෝන් මහතා එක්සත් ජාතික පක්ෂයේ පාතදුම්බර ආසන සංවිධායක ලෙසත් පත්කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන මහතා මීගමුව ආසන සංවිදායක ලෙසත් ජනප‍්‍රිය ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක මහතා දඹදෙනිය ආසන සංවිදායක ලෙසත් පත්කරනු ලැබිය.
මංජුල බණ්ඩාර මහතා වාරියපොල ආසන සංවිධායක ලෙසත් උදය විජේනායක මහතා හිරියාල ආසන සංවිධායක ලෙසත් පත්කරනු ලැබිය.
මෙම අවස්ථාව සදහා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම්, අමාත්‍යවරුන් වන සාගල රත්නායක, මලික් සමරවික‍්‍රම යන මහත්වරුන් ඇතුලූ පිරිසක් එක්වූහ.
(ඡායාරූප -ලහිරු හර්ෂණ)








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂය විනාසය අභිමුකයේ.
ඒ.ජා.පෙ. කාගේවත් පුද්ගලික බූදලයක් නොවේ.. අැයි හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහත්තයාව ගන්නේ නැත්තේ...? හිටපු මහ ලේකම් සිරිසේන මහත්තයා ප්‍රතිවාදියා මහින්ද මහත්තයාව අගමැති කරගත්තා නම් අැයි තිස්ස මහත්තයාව අාසන සංවිධායකයෙක් ලෙස ගන්න බැරි..? කට්ටියගේ කුහකකම තමයි.
තිස්ස අත්තනායක, හිටපු මහා ලේකම්ව ගන්නේ නැත්තේ ඇයි? එක්සත් ජාතික පක්ෂය කාගේ කාගේත් බුදලේ නෙමෙයි.. පාක්ෂිකයාගේ පක්ෂයයි. එමනිසා පක්ෂයේ ජය ගැන හිතලා නායකයා ඇතුළු කෘත්‍යාධිකාරි මණ්ඩලය වැඩකළ යුතුයි නේද...?
අැයි දුමින්ද දිසානායක, අප්පච්චිමලෝ, ලාව ගත්තේ නැත්තේ...?
මේවා දැකලා පන පලයන් පෙරේදා
ආයෙත් සැරයක් නොමිලයේ කොන්ඩේ බූගාව ගන්නද කොහේදෝ ඔය හදන්නේ...?
තරිදු , කමල් , ඔයාලා දෙන්නම හරි හැබැයි තිස්ස අත්තනායක මහත්තයා පක්ෂයක් හැදුවොත් යු .එන්. පි . කාරයෝ ලක්ෂ 10 කට වැඩි කොටසක් යන එක නියතයි අන්න එදාට තමයි නායකයෝ ... වෙන්න ඉන්න නායකයෝ තක්කු මුක්කු වෙන්න එතකොට අස්වයා ගිහින් ඉවරයි.
ඔය රූකාන්ත මට මතකයි ඒ කාලේ මහින්දගේ වේදිකාවේ සෝත්‍ර ගායනා කළා සිංදු කිව්වා... දැන් අසන සංවිධායක... ලබුත් තිත්ත වෙනකාලේ..
තිස්ස අත්තනායක අලුත් පක්ෂයක් පිහිටපු දාට බලමු..?
මගෙත් කොන්ඩේ කපා ගත්තා නම් මටත් ආසන සංවිධායක කමක් ගන්න තිබ්බා. සිංදු කිව්වම ඡන්ද ගන්න සුදුසුයි කියලා මෙයාලා හිතුවට... ඡන්ද දායකයා හිතන්නේ වෙන විදියක් ..
මෙහෙම යනකොට මාකඳුරේ සංවිධායක මදුෂ් කිව්වේත් අපි පුදුම වෙන්නේ නෑ... මේ නායකයයි, ගෝලාපාලයෝ ටිකයි මේ කරන විදියට...
දැන් රටේ මිනිස්සුන්ට රූකාන්තගේ සින්දු විතරයි අඩු... ඒකත් හරි.. පිස්සු නැත්තන් ශෝක්...
බඹර පහස ලබන සමනල්ලු ...!
දඹදෙණියේ අපි කවුරුවත් යෝජනා නොකරපු, අපේ කැමැත්තකින් තොර , කෙනෙක්ව අපේ පාර්ලිමේන්තු නියෝජිතයා කරන්න තියෙන අයිතිය මොකක්ද? ඒ කියන්නේ අපි පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ අපේ නියෝජිතයෙකු නොවන වගද? කෝ ඔය ප්‍රජාතන්ත්‍රවාදය? මේ පත් කිරීම ගැන අපේ පක්ෂ කාර්යාල වලින් විමසුවද? පක්ෂ කාර්යාල වලට හෝ පක්ෂයේ සාමාජිකයින්ට තමන්ගේ නියෝජිතයා නම් කිරීමට අවස්ථාවක් දුන්නද? ඔන්න නියම ඒකාධිපති වාදය.
කැනඩාවේ පුරවැසි රූකාන්ත ඡන්දෙන් පස්සේ අල්ලන්න නම් කැනඩාවට යන්න වෙනවා දඹදෙණියේ මිනිස්සුන්ට
කෙනෙකුගේ අවසාන භාගයේ සිතේ තිබෙන ආශාවන් සම්පුර්ණ කරදීම මහඟු පිනක්. දැන් බලන්න රනිල් මහත්තයාගේ ඔටුණු පැළඳීමේ සිහිනය සාක්ෂාත් කරගැනීමට කුලියට හෝ මේ විදියට සහභාගිවීමෙන් රූකාන්ත මහත්තය මෙරටටත් එරටටත් බලපාන තරමින් පින් රැස්කරගන්න අන්දම? ගැන ගෙවනවා කිව්වේ කැනඩාවේ බැංකුවකටද? ඔය විදියට ගානක් පොරොන්දුවෙලා ඡන්දෙ ඉල්ලපු රණවිරුවෙකුට අන්තිමේ තරු විතරයි ඉතුරු උනේ, නිදහස් උත්සවේ පැත්ත පළාතටවත් එන්න දුන්නේ නැහැ. ඔයාවත් ඡන්දෙන් පස්සේ හපයක් වෙනවා සිකුරුයි. එක නිසා දෙන ගානක් දැම්ම ඉල්ලගෙන වැඩේට බහින්න.
රාජධානියක් වූ දඹදෙණිය ට ගොරක ගායකයෙක් පත්කිරීම ගැන දඹදෙණියේ ජනතාව ලජ්ජාවට පත්විය යුතයි. දඹදෙණිය යනු උගතුන් සිටින වැදගතුන් සිටින ආසනයක් බව අමතක නොකලයුතුයි. අර අකිලය හිනාවෙන්නේ දඹදෙණියේ ජනතාවට ද ? නැත්නම් උගේ නායකයාටද? මම හිතන්නේ ජනතාව නිවැරදි තීන්දුවක් ගනීවි. කොහොමටත් මම නම් යූඅන්පී නොවෙයි. එත් මටත් ලජ්ජා හිතෙනවා.
ඔය නායකතුමා වටේ ඉන්න ඔක්කොමට වඩා ......තිස්ස අත්තනායකගෙන් පක්ෂෙට විශාල සේවයක් වුණා කියලා මම නිර්භීතව කියනවා ..... ඔය සින්දු කියන, බයිලා කියන , කවි කියන , බණ කියන, බොරු කියාන අයට වඩා තිස්ස මහමෙරක් වටීවි........ පාක්ෂිකයාට අපි ඡන්දෙදි බලමු ....මතකයිනේ පලාත්පාලන මැතිවරණෙ .. කට්ටිය පොදි බැදගෙන හිරේ යන්නත් සුදානම් වෙන්න