(අකිල බද්දෙවිතාන)

මියන්මාරයේ සිට පැමිණි රෝහින්ග්‍යා සරණාගතයින් ශ්‍රී ලංකාවෙන් පිටත් කරන ලෙසත් රටේ ස්වෛරීභාවය ආරක්ෂා කරදෙන ලෙසත් ඉල්ලමින් සිංහලේ ජාතික බලමුළුව ඇතුළු සංවිධාන ගණනාවක් එකතුව අද(26) කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලයට සංදේශයක් බාර දුන්නේය.

එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිට රැඳී සිටින පිරිස  ඔවුන්ගේ සංදේශය එහි නිලධාරියකු හමුවී බාරදුන් අතර එහි සිටින පිරිස විරෝධතා පුවරු ඔසවමින් සාමකාමී උද්ඝෝෂණයක නිරත වෙති.

එම ස්ථානයට දැඩි පොලිස් රැකවල් ද යොදා ඇත.