සුජිත් හේවාජුලිගේ
 
අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයන් අතර තීරණාත්මක සාකච්ඡාවක් හෙට (29) පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ දී පැවැත්වෙන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

 
සේනාරත්න මහතා මේසේද කීය.
 
‘‘අපි, පක්ෂ නායකයින් මේ ගැන මීට කලිනුත් දීර්ඝව සාකච්ඡා කළා. හෙට රැස්වීමේදී ඒ කරුණු ගැන නැවතත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. සාකච්ඡා කර අවසන් තීන්දුවක් ගන්නවා. විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීම කාගේත්  බලාපොරොත්තුවයි. මේ විශ්වාසභංගය ඕනෑ පොහොට්ටුවට විතරයි.‘‘