ශ්රී ලංකා එක්දින හා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට උපුල් තරංග පත් කිරීමට ශ්රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.
නව ටෙස්ට් නායකයා ලෙස දිනේෂ් චන්දිමාල් පත්කරනු ලැබ සිටී. සිම්බාබ්වේ සමග පැවැති එක්දින තරගාවලිය පරාජයට පත්වීමත් සමග තමා නායකත්වයෙන් ඉල්ලා අස්වන බව ඇන්ජලෝ මැතිව්ස් දන්වා සිටි අතර අද(12) පෙරවරුවේ ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී නව නායකයින් ප්‍රකාශයට පත් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නායකයෝ මාරුවුණාට වැඩක් වෙන්නේ නෑ. හරියට කණ්ඩායම ශක්තිමත්ව ගොඩනගන්නේ නැතිව...
ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක් !!!
එහෙනම් මේක තමයි ප්ලෑන් එක. චන්දිමාල්ව අායෙත් කණ්ඩායමට ගන්න.
ඉස්සරහට එන්නෙත් අමාරු ටූනමන්ට් එකක් හින්දා හරියට කෙනෙක් හැදෙනකන් රංගන හේරත් ට ටෙස්ට් කැප්ටන්සි එක ටික කාලෙකට දෙන්න තිබුණේ...
එක නායකයෙක් පත් කළානම් හොඳයි. ලෝකයේ අනෙක් රටවල මෙහෙම නෑ. අබ සරණයි!!
පය බරවායට පිටිකර බෙහෙත් බැඳීම කියන්නේ ඕකටම තමයි.
2011 ලෝක කුසලානය අවසානයේදී කරන්න තිබ්බ දෙය ඕක තමා. අපරාදේ ක්‍රීඩකයන්ගේ තරුණ කාලය, ලංකාවේ ක්‍රිකට් වල කීර්තිය.
එන්ජලෝ එහම වුණාට අපේ රනිල් මහත්තයා එහෙම නැහැ.
මේක වෙන්න තිබුණේ මීට කළින්...
මේ දෙය වෙන්නම ඕනේ...
සුබ පැතුම්, ලංකාවේ ක්‍රිකට් වලට යහපත් දෙයක්, මැතිව්ස් යවපු එක. සුබ පැතුම් උපුල් තරංග ඔයාට.
සිම්බාබ්වේත් එක්ක තියන ටෙස්ට් තරඟය පැරදුණොත් චන්දිමාල්වත් අස් කරනවද?
ඉතා හොඳ තීරණයක්... මට නම් හිතෙන්නේ මැතිව්ස් නායකත්වයට අලස බවයි. එයා වෙනුවට මේ අය ගත්ත එක හොඳයි.
උපුල් තරංගගේත් දක්ෂතාවය මොටකරන වැඩක් තමා මේ, එයා ගහන ටිකත් නොගහා ඉඳීවි.
අනිවාර්යයෙන්ම ටෙස්ට් හා 20යි 20 තරගාවලි දෙකම ලංකාව පරදිනවා, සිම්බාබ්වේ ක්‍රීඩකයෝ ඉතා හොඳින් පුහුණුවෙලා ශක්තිමත්ව ඉන්නවා.