(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
පරීක්‍ෂණ වලදී හෙළී වු ආකාරයට සෘජු ස්ථානගත කිරීම ඉවත් කිරීමට මහා බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා මැදිහත් වී ඇතැයි බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් රජයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා පැවසීය.
‘‘සෘජු ස්ථානගත කිරීමේ ක‍්‍රමය නතර කිරීමෙන් සිදුවු පාඩුවට අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ඇතුළු මහා බැංකුවේ මෙයට අදාළ නිලධාරීන් වගකිව යුතු බව මාගේ විගණන වාර්තාවේ අවසානයේ සඳහන් වෙනවා‘‘ යැයි ද කී ඒ මහතා දෙවැනි වෙන්දේසි පත‍්‍රිකාව ඇතුළත් නොකොට සකස් කළ සිය විගණන වාර්තාව මඟින් කෝප් කමිටුව හා පාර්ලිමේන්තුව නොමඟ යවා නැතැයි ද පැවසීය.
2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි, ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදු කෙරේ.
COMMENTS
මෙච්චර දේවල් එලියට ඇවිල්ලත් තාම අගමැතිතුමාගේ උපදේශකයෙක් නේද? කොහොමත් යාළුකම ලොකුයිනේ !!! අනේ අනිච්චං !!!
රටක නීතියක් ඇත්තේ එරට අසාධාරණයක් සිදුවන පුද්ගලයකුට හෝ පාර්ශවයකට සාධාරණය ඉටුකරලීම සදහාය. මෙම ගනු දෙනුවේදී සිදුව ඇති දෙය 5 වසර සිසුවකුට පවා පහසුවෙන් අවබෝද කරගතහැකිසේ සාක්ෂි සහිතවම කරලියට පැමිණ ඇත.
නොකෙරන දීගෙට කෝඳුරු තෙල් හත් පට්ටේකුයි තව ටිකකුයි ඕනේ කිව්වලු නේද.....!!!