IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඌව වෙල්ලස්සේ ගොවිබිම්වල අයිතිය ඉල්ලා ලෙයින් අත්සන් 1144 ක පෙත්සමක්

(බිඟුන් මේනක ගමගේ) 

ඌව වෙල්ලස්ස ගොවි බිම්වල ඉඩම් අයිතිය ඉල්ලා පළාත්වාසීන්ගේ ලෙයින් අත්සන් කළ පෙත්සමට අත්සන් 1144 ක් ලැබී ඇතැයි ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණ පවසයි.

මීට අමතරව මෙම ගොවි සටනට සහාය දක්වමින් භික්ෂූන් වහන්සේලා 500 නමකගේ අස්සනින් මහා සංඝ පෙත්සමක් ද අත්සන්  කළ බවත් එම පෙත්සම් කොළඹ ටෙක්නිකල්  හංදියේ සිට දැවැන්ත පා ගමනකින් ගොස් ජනාධිපතිවරයාට බාරදීමට කටයුතු කරන බවත් එම පෙරමුණේ කැඳවුම්කරු ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා  පැවසීය.

බහු ජාතික සමාගමට ඉඩම් ලබාදීම නවතනු, ඉඩම් භුක්ති විඳින ගොවි ජනතාවට ඉඩම් ඔප්පු ලබා දෙනු, ඌව වෙල්ලස්ස බින්තැන්නට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අනුමත කළ පාරිසරික හානි නොවන වැවිලි භෝග හඳුන්වා දී ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් හා උපකාර ලබාදෙනු යන ප්‍රධාන ඉල්ලීම් තුන යටතේ මෙම පෙත්සම් අත්සන්  කෙරුණු බව ද විද්‍යාරත්න මහතා කීය.

වසර සිය ගණනක් තිස්සේ ගොවි ජනතාව වගා කළ පාරම්පරික ඉඩම් අනවසර ඉඩම් හැටියට හඳුන්වමින් පෞද්ගලික සමාගම්වලට පැවරීමට රජය කටයුතු කරමින් සිටින බවට චෝදනා කළ හෙතෙම එය සිදුවුවහොත් සමාගම්වල කුලී කම්කරුවන් බවට පත්වීමට වෙල්ලස්සේ ජනතාවට සිදුවනු ඇති බව අවධාරණය කළේය.

සිංගප්පූරුවේ ගැසල් වෙන්චර්ස් නමැති සමාගමට වෙල්ලස්ස ප්‍රදේශයේ ඉඩම් අක්කර 62 500 ක් උක් වගා කිරීමට බදු දීමේ සූදානමක් ඇති බවත් එය ගොවි බිම් මහා පරිමාණයෙන් කොල්ලකෑමේ වෑයමක් බවත් විද්‍යාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (1)

ඌව වෙල්ලස්සේ ගොවිබිම්වල අයිතිය ඉල්ලා ලෙයින් අත්සන් 1144 ක පෙත්සමක්

Sanath Kandy Tuesday, 09 October 2018 08:52 AM

හැමදාමත් ජනතා අරගල වලදී නායකත්වය ගන්නා ජවිපෙ සමන්ත විද්‍යාරත්න මැතිතුමනි ඔබ වැනි ජනතා පුත්‍රයන් මේ රටට සම්පතක්. මෙවැනි ජන නායකයින් පාර්ලිමේන්තු නොයවා මහජන දේපල මංකොල්ල කාපු එවුන්ටම ඡන්දය දෙන අපේ රටේ මිනිස්සු ගැන කණගාටුයි.

:       54       510

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 654 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site