(පාලිත ආරියවංශ)
“මංගල මහත්තයා බියර් මිල අඩු කරපු එක හොදයි.හැබැයි ඒ සුද්දන්නට.අපේ මිනිස්සුන්ට සෙතක් වෙන්න නම් කිතුල් රා බොන්න පහසුකම් ලබාදිය යුතුයි“ යැයි ඌව පළාත් ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ පස්සර දී අද (12) පැවැති පාක්ෂිකයන්ගේ හමුවකදීය.
“ඌව පළාත වගේ අපේ ගම්මානවල මිනිස්සු බියර් බොන්නේ නැහැ . කසිප්පු බොන්නෙත් හොඳ මත්පැන් පහසු මිලට නැති නිසයි .අපේ මිනිස්සු රජකාලේ ඉඳන් පුරුදු වෙලා ඉන්න කිතුල් රා ටිකක් බොන්න දෙනවා නම් තමයි හොඳ.එතකොට උන්දලාගේ මන දොලත් පිරෙනවා සෞඛ්‍යයත් හරි යනවා .
ඒ නිසා මම නම් කියන්නේ කිතුල් රා මැදීමට අවසර දීලා සියලු පහසුකම් දිය යුතුයි කියලා.විශේෂයෙන්ම කියන්න ඕන වෙළෙඳපොළේ අර්තාපල් මිල බැස්සුවම ගම්මිරිස් වලට මිලක් නැති වුණාම වැටෙන්නේ අපේ මිනිස්සුන්ගෙ ආර්ථිකය.රටේම මිනිස්සුන්ට නිදහස ලබා දෙන්න කැරළි ගැසීම වරදක් කියලා අපේ පළාත විනාශ කළේ සුද්දෝ. වසර 200ක් ගත වෙලත් අපිට තාම නැගිටින්න බැරි වුණා.
ඒ නිසා මොන රජය වුණත් කරන කියන හැම දේකදීම අපිට විශේෂත්වයක් අවශ්‍යයි .මංගල මහත්තයෝ මේවා ගැනත් හිතලා පොඩි ඇජෙස්මන්ට් ටික්ක දාන්න කියලා ඌවේ ජනතාව වෙනුවෙන් මා ඉල්ලා සිටිනවා “යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මහා ඇමතිතුමාගේ තර්කය හරි, ඇමති ගමට නෙමෙයි සෙත දෙන්නේ, ටවුමේ ක්ලබ්වලට. ඒ ගොල්ලන් යන්නෙත් ඒවා නිසා වෙන්න ඇති. හැබැයි මේකේ එක දෙයක් තියෙනවා. ඇමතිතුමා පන්සිල් පද පහ හතරට බස්සලා (තුන්වෙනි එකත් ඔහොම යනකොට වැඩක් නැහැ කියයි) ලංකාව අන්‍යාගමික රටක් කරන්න කියන බටහිර උන්දැලාගේ සහ විග්නේශ්වරන්ගේ ජොබ් එක තිතටම කරනවා.
බියර් බොන්නෙත්, රා බොන්නෙත් වෙන වෙනත් අරමුණු සඳහා බව මහඇමති තුමාට අමතක වෙන්න ඇති.
බොන මිනිස්සුන්ට සෙතක් වෙන්න නම් කිතුල් පරාල වලින් දඬුවම් ලබා දිය යුතුයි...
අදහස නම් හොඳයි. කිතුල් රා කියන්නේ නම් ඉතින් නියමයි.
ඔය බඩේ ගානට මොලේ තිබුණා නම් ........
ලංකාවේ බියර් වර්ග දැන් පිටරටවලත් අලෙවි වෙනවා. කිතුල් රා වලට එහෙම දුරක් යන්න බැහැ.
ඇයි අපිට පොල් රා බොන්න හොඳ නැද්ද? අපිටත් අවසර ලැබෙන වනම් වත්තේ පොල් ගහක් මැද ගන්නම්.
සුද්දෝ බෝ කළ අරක්කු ශරීරයට විසයි. එහෙත් පොල් සහ කිතුල් රා ශරීර සෞඛ්‍යයට හිතකර බව වෛද්‍යවරුන් පවා පිළිගන්න කරුණක්. හැම ගෙදරකම පොල් ගහක් මදිනවා නම් බොන්න රා ටිකක් ලැබෙන කොට අරක්කු වලට පිටරටට ඇදෙන මිලියන ගණන් සල්ලි ඉතිරි වෙනවා. ගෙදර පැණි හකුරු ටිකක් හදා ගන්නත් පුළුවන්. එතකොට සීනි ආනයනයට යන විදේශ විනිමයත් ඉතිරි වෙනවා. සීනි තරම් පැණි හකුරු අගුණත් නැහැ. ඒ වුණාට මෙහෙම තීන්දු ගන්න මොන ආන්ඩුවකටවත් කොන්ද පණ නැහැනේ.
කාලෙකට පසුව ඇහුණු හොඳ අදහසක් නිකම්ම නොඉඳ බලකරමු රජයට, අවසර ලබාගැනීමට කිතුලට ! මේවා බීරවලට වැඩිය ගුණයි... අනික ඈත පිටිසර ගම්වල අයට නොමිලේම ලබාගැනීමට හැකි හොඳ දෙයක්....
අනේ රටට ගිය කලක්... මොන දහමේද කියලා තියෙන්නේ බියර් හෝ පොල් රා වෙනත් මත වෙන බීම බොන්න කියලා? බුදු දහමේ පවා කියලා තියෙන්නේ සුරාවෙන් වළකින්න කියලා, අනේ අපේ දේශපාලකයෝ...
මල් ගැනත් කියන්නකෝ ඇමතිතුමා ..
ඔලුවක් නැති කෙනෙක්. නැහැ නැහැ ඔලුව තියෙනවා මොලේ නැහැ.
හොඳ අදහසක් කිතුල් රා වලත් ඉඩක් දෙමු.
තමන්ගේ කිතුල් රා තමන්ම හදාගමු. මෙන්න රෙසිපිය. වතුර බෝතලේට කිතුල් හකුරු ග්‍රෑම් 200යි. ඊස්ට් තේ හැඳි කාලයි.